දකුණු අප්‍රිකාවෙන් ආරම්භ වී මැදපෙරදිග සිට නේපාලය හා ඉන්දියාව හරහා මෙරටට පැමිණ ඇතැයි පැවසෙන මෙරට පැතිර යමින් පවතින ගව වෛරසය සදහා එන්නත් මෙරටම නිපදවන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා නිළධාරින්ට දැනුම් දී තිබේ.
කෝපායි ප්‍රදේශයේදී මෙරට වෛරස් ආසාදිත පලමු ගවයා හමුවූ අතර ඉන් අනතෘර්ව පත්කළ ගව වෛරසය පිළිබඳ කමිටුවේ වාර්තාව පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.සේනානායක මහතා විසින් ඊයේ (19)) දින රාජ්‍ය ඇමතිවරයා වෙත පිළිගැන්වීය.
මෙම රෝගයේදී ගවයාගේ සම මතුපිට ගැටිත්තක් හටගෙන සැරව ගැලීමක් සිදුවන අතර මේ නිසා කිරිදෙන සතුන්ගේ කිරි අස්වැන්න තරමක් පහල වැටිමක් සිදුවෙයි. එහෙත් දින තුනක් වැනි කෙටි කාලයකදී ස්වභාවිකවම නිරෝගී භාවයට පත්වන බව හඳුනා ගෙන ඇත.
මෙම රෝගය මර්දනය සදහා අදියර දෙකකින් ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. පලමු අදියරේදී විදේශයකින් එන්නතක් කඩිනමින් ලබාගැනීම සිදුවන අතර දෙවන අදියරේදී අදාල එන්නත මෙරටම නිෂ්පාදනයට ක්‍රියා කෙරේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...