දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රටේ යෝජනාව එළඹෙන සිකුරාදා (22) දින ආණ්ඩුවට භාර දීම සඳහා වන ජනතාවගේ අත්සන් ලබාගැනීම ඊයේ (19) දින කටුනායක ආයෝජන කළාපයේදී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය මගින් සිදු කරන ලදී.

මේ අතර මහා සංඝරත්නය, වෘත්තීය සමිති 08ක සහ සිවිල් සංවිධාන 13ක සහභාගිත්වයෙන් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද පළමු වරට රැස්වූ අතර එහිදී ඇල්ලේ ගුණවංශ නාහිමි, වෘත්තීය සමිති නායකයින් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා විසින් මෙසේ අදහස් පළකර සිටියේය.

මේ ආණ්ඩුව ජනතාව පත්කර ගත්තේ ජාතික සම්පත් සුරකිනවා යැයි වත්මන් පාළකයින් සපථ කර සිටි නිසා වුව ද ඒ පිළිබඳ විශ්වාසය මේ වනවිට කඩවෙමින් ඇති නිසා විශ්වාසය ඇති කරගැනීමට නම් ජාතික අපරාධයක් වන මෙවැනි පාපකර්මවලට අත නොගසා සිටීමට ආණ්ඩුව වගබලා ගතයුතු බවට ඉල්ලා සිටින බව ඇල්ලේ ගුණවංශ නාහිමියන් ප්‍රකාශ කර සිටියේය.

දැනට ලාභ ලබන ආයතන දේශීය හෝ විදේශ ආයෝජකයින්ට ලබාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජාතික සම්පතක් වන නැගෙනහිර පර්යන්තය රැකගෙන ඉදිරියට සංවර්ධනය කිරීම සඳහා වන තාක්ෂණය, මානව සම්පත් සහ ප්‍රතිපාදන රට සතුව පවතින බවත් ආයෝජන යෝජනාවට විකල්ප රටේ යෝජනාව මහා සංඝරත්නයේ අනුශාසනාවෙන් එලඹෙන සිකුරාදා දින රජයට බාර දෙන බවත් මෙන්ම වෘත්තීය සමිති නායකයින් සහ ක්‍රියාකාරිකයින් දඩයම දැනටමත් පටන්ගෙන ඇතැයි ද වෘත්තීය සමිති නායකයින් සඳහන් කර සිටියේය.

තවදුරටත් ඔවුන් සඳහන් කර සිටියේ ආණ්ඩුව මෙම ප්‍රශ්ණයට මුහුණ දීමට සූදානම් වන්නේ එම ආකාරයට නම් ඔවුන් ද ඒ සඳහා සූදානම් බවත් නැගෙනහිර පර්යන්තය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු විය යුතු බවත් ඉන් මෙහා නවතින සටනක් ඔවුනට නැති බවත්ය.

වත්මන් පාළකයින් විපක්ෂයේ සිටියදී හම්බන්තොට වරාය සම්බන්ධව පෙළපාලි ගියේ උද්ඝෝෂණය කළේ වරාය “විකුණුවා” කියමින් බවත් අද එයට “ආයෝජනය” යැයි කියමින් කබරගොයා තලගොයා කිරීමට උත්සාහ කරන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ අදානි සමාගමද? ආණ්ඩුවද? යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවත් අදානි සමාගම තෝරාගතහොත් එය ආණ්ඩුව කරනා සියදිවි නසාගැනීමක් වන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More