දේශීය පුවත්

පාර්ළිමේන්තුවේ මන්ත්‍රීවරයකු වාඩි කිරීම කථානායකතුමාට අයිති කාර්‍යයභාරයක් බවත් ඒ සඳහා අධිකරණයට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට මැදිහත් විය නොහකි බව ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නඩුවේදී ඇපල් අධිකරණය පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් එමෙන්ම අනුර බණ්ඩාරනායක මහතාගේ නඩු තීන්දුවෙදී පාර්ළිමේන්තුවේ කටයුතුවලට කිසිම අධිකරණයකට මැදිහත් විය නොහැකි බව අධිකරණය පැහැදිලිවම ප්‍රකාශ කළ බවත් එමනිසා රන්ජන් රාමනායක මහතා පාර්ළිමේන්තුවට කැඳවීමට අයිතිය තිබෙන්නේ කථානායකතුමාට පමණක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ඊයේ (19) දින පාර්ළිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.

ඒ වගේම චමල් රාජපක්ෂ මැතිතුමා කථානායක කාලයේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෝෂාභියෝගය නවත්වන්න කියලා අධිකරණය තීන්දුවක් දුන් නමුත් එතුමා එය නැවැත්වූයේ නැති බවත් ඒ ආකාරයටම මෙම කාරණයේදී ද අයිතිය තිබෙන්නේ කථානායකතුමාටම පමණක් බැවින් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අවධානය යොමුකර එතුමා පාර්ළිමේන්තුවට ගෙන්වන්න ලෙස තමා ඉල්ලීමක් කරන බවත් ලක්‍ෂමන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඔබතුමා ප්‍රකාශයක් සිදුකරලා තිබ්බා නීතිපති සහ අධිකරණය කිව්වොත් රන්ජන් රාමනායක මහතා පාර්ළිමේන්තුවට ගේනවා කියලා. නමුත් ප්‍රේමලාල් ජයසේකර මහත්මයා පාර්ළිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා ඔබතුමාට එපා කිව්වා. නමුත් ඔබතුමා එය ගනන්ගත්තේ නෑ. එහෙම බලනකොට ඔබතුමාට පමණයි අයිතිය තියෙන්නේ ගරැ කථානායකතුමනි මෙම ගැටළුවට සධාරණ විසඳුමක් දෙන්න යනුවෙන් අවසන් වශයෙන් ඔහු සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More