දේශීය පුවත්

තමාට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නොමැති නමුත් පසුගියදා පක්ෂයේ ඇතැම් ධුරවලට පත් කළ පුද්ගලයන් පිළිබඳව තමාට ප්‍රශ්නයක් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයන් පසුගිය හය මාසය තුළ ඉතා ඵලදායි යෝජනා රැසක් ඉදිරිපත් කළ මුත් ඒවා පිළිබඳ පක්ෂ නායකත්වය කිසිදු තැකීමක් ලක් නොකල බවත් නවින් දිසානායක මහතා අවධාරණය කරයි.

එනිසා එම පුද්ගලයන් සමඟ ජාතික සංවිධායකවරයා ලෙස කණ්ඩායමක් හැටියට වැඩ කිරීමට හැකිද යන්න පිළිබඳවද තමා තීරණයක් ගත යුතුව ඇති බව ද තමාට ලබා දුන් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාර ගන්නවා ද නැද්ද යන්න ටික දිනකින් තීරණය කරන බව ද නවීන් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ මොහොත වන විට තමාට පක්ෂයෙන් ඉවත්ව යාමේ අවශ්‍යතාවයක් නොමැති බව ද දිසානායක මහතා අවධාරණය කර සිටින නමුත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ නවීන් දිසානායක මහතා හිටපු කථානායක මෙන්ම මාමණ්ඩිය වන කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග එක්වීමට තීරණය කර තිබෙන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More