දේශීය පුවත්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ඊයේ (19) දින; සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්තාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දින නියම කර තිබේ.

එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අදාළ නොතිසී මෙතෙක් භාරදී නොමැති බව විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතාට පෙන්වා දී තිබන අතර තමන් නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අදාළ නොතිසි දැනටමත් භාර දී ඇති බව පෙත්සම්කරු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එම අවස්ථාවේ අධිකරණයේ සිටි රජයේ නීතිඥවරයෙකු වෙත එම නඩුකරයට අදාළ නොතිසි යළි භාරදෙන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතාට දැනුම් දුන්නේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More