මණ්ඩතිව් දූපතේ පිහිටි වේලුසුමන නාවික හමුදා කඳවුරු අසල භූමියේ පිහිටි අක්කර 18 ක භූමි ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තක් සඳහා මිනින්දොරු දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් මැනීමේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුනේ නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අදාල ඉඩම නාවික හමුදාවට කිසිදු අයිතියක් නොමැති බවටත් එය සාමාන්‍ය වැසියන්ට අයිති බවටත් වහාම මැනුම් කටයුතු නවතා දමන ලෙසටත් පවසා විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.
ඒ හේතුවෙන් මැනුම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදු වූ අතර පසුව එම ස්ථානයට පැමිණි වේලනෙයි ප්‍රාදේශීය ලේකම් වරයා විසින් පවසා සිටියේ අදාල භූමියේ මැනුම් කටයුතු තාවකාලිකව නවතා දමන බවටත් ඉදිරියේදී ඉඩම් අමාත්‍යංශයට මේ බව දැනුම් දී එම අමාත්‍යංශයේ අධීක්ෂණයන් හා උපදෙස් පරිදි කටයුතු කිරීමට පියවර ගන්නා බවටත් පැවසීමෙන් පසුව විරෝධතා කරුවන් විසිර ගියහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...