විදේශ පුවත්

මේ මස (මැයි) අවසානයේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන හමුව උතුරු හා දකුණු කොරියාව අතර යුද මුක්ත කලාපයේදී හෙවත් DMZ (Demilitarized Zone) හිදී පැවැත්වීමට එකඟතාවක් ඇතිවී ඇතැයි විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

පසුගියදා ඓතිහාසික ලෙස උතුරු කොරියානු නායකයා සහ දකුණු කොරියානු නායකයා හමුවී සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ DMZ කලාපයේ පිහිටි පන්මුන්ජොම් (Panmunjom) මන්දිරයම උතුරු කොරියානු නායකයා හා ට්‍රම්ප් අතර සාකච්ඡාවට සුදුසු බව තීරණය වී ඇතැයි කියැවේ.

කිම් ජොන් අන් සහ ට්‍රම්ප් අතර සාකච්ඡාවට DMZ කලාපය සුදුසු බව දකුණු කොරියානු නායක මූන් ජේ – ඉන් විසින් කිම් ජොන් අන්ට තහවුරු කර ඇති බවද සඳහන් වේ.

මේ වන විට පන්මුන්ජොම් හි මාධ්‍ය සඳහාද සියලු පහසුකම් ද උපකරණ ද සවි කොට තිබේ.

DMZ කලාපයේ උතුරු කෙළවරට පියනැඟීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද ඓතිහාසික අවස්ථාවක් මේ තුළින් ලැබෙනු ඇති අතර ට්‍රම්ප්ගේ කැමැත්ත ලබාගැනීමටද මූන් ජේ – ඉන් මැදිහත් වීමක් කරන්නට ඇති බව සැලකේ.

මූන් ජේ – ඉන් සමඟ ට්‍රම්ප් පසුගිය සඳුදා පැවැත්වූ සාකච්ඡාවලදී DMZ කලාපයේ හමුව පැවැත්වීම ගැන කතා වී ඇත. සඳුදා මාධ්‍යවේදීන්ට කතා කළ ජනපති ට්‍රම්ප් ‘හමුව එහි තිබීම ගැන මා කැමැත්තක් දක්වන්නේ එය සාර්ථක වූවොත් එහිදීම උත්සව තැබීමට අවස්ථාවක් ලැබෙන නිසයි. තෙවැනි රටක වූවොත් එම අවස්ථාව ලැබෙන්නේ නෑ’ යනුවෙන් ට්‍රම්ප් පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More