කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකිණීමේ ආණ්ඩුවේ උත්සාහයට විරුද්ධව කටයුතු කරන වරායේ පුමුඛ පෙළේ වෘත්තීය සමිති නායකයෙකු වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් පී. නිරෝෂන් ගොරකානගේට වහාම ක්‍රියාත්මක වන පරිදි බණ්ඩාරනායක තටාක අංශයේ සිට නියමු පාලන අංශයට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.
වෘත්තීය සමිති නායක නිරෝෂන් ගොරකානගේ සිය වෘත්තීය සමිතියේ කටයුතු සඳහා නිදහස් වූ අයෙකුවේ. එලෙස වෘත්තීය සමිති කටයුතු සඳහා නිදහස් කරන ලද සේවකයින් සිය වෘත්තීය සමිති කටයුතුවලට බාධා වන අයුරින් මාරු කිරීමට කිසිම නීති ප්‍රතිපාදනයක් නොමැති අතර සාමාන්‍ය සේවකයෙකු මාරු කරන ආකාරයට ඔවුන්ව මාරු කිරීමටද කිසිම හැකියාවක් නැත. එවැනි සේවකයින්ට ස්ථානමාරු ලබා දෙන්නේ නම් එය සිදු කළ හැක්කේ සිය වෘත්තීය සමිති කටයුතුවලට පහසුවන ස්ථානයකටය.
කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමේ ආණ්ඩුව කූඨ උත්සායට විරුද්ධව වරාය සේවකයින් ඉතා දැවන්ත ලෙස සංවිධානය වෙමින් පවතින පසුබිමක ආණ්ඩුව මෙලෙස කටයුතු කරන්නේ වරාය විකිණීමට එරෙහි සටන කඩාකප්පල් කිරීමට බවත් තමන් ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් වරාය සේවකයෝ පවසති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...