දේශීය පුවත්

අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතියට සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට කරුණු දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටී.

ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවයක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාවක් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණ ද එය අත්හිටුවීමට අමෙරිකාව පසුගිය දෙසැම්බරයේ තීරණය කළේය.

එහෙත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර තිබුණ අතර නීතිපතිවරයාගේ ස්ථාවරය අද (19) දින මෙසේ දන්වා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More