ප‍්‍රංශයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී සිය පෙම්වතුන් විසින් ඝාතනය කරන ලද බව කියන යාපනය පදිංචි දෙමළ තරුණියන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
යාපනය අලම්පිඞ්ඩි හි පදිංචිව සිටි එස්. කාර්තිකා නමැති 20 හැවිරිදි තරුණිය ඇගේ ශ‍්‍රී ලාංකික දෙමළ ජාතික පෙම්වතා විසින් පිහියකින් ඇන මරා දමා ඇත්තේ ඉකුත් 13 වැනිදාය. යාපනය මන්ඩුවිල්හි පදිංචිව සිටි 19 හැවිරිදි ස්නේහා චන්ද්‍රරාසා ඇගේ පෙම්වතා විසින් ගෙල සිරකර මරා දමා ඇත්තේ ඉකුත් 08 වැනිදාය. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු පැරිස් නුවර ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට පොලිසියට ලබාදී ඇතැයිද මියගිය තරුණියන්ගේ වැඩිදුර තොරතුරු ලබාගැනීමට පැරිස් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...