දේශීය පුවත්

වරාය අධිකාරියේ මුදල් වලින් ඉදිකර ක්‍රියාකිරීමට සූදානම් කර තිබෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කුමන අදහසකින් ඉන්දියානු සමාගමකට පවරනවාද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතුව ඇති බවත් මීට පෙර එක් පර්යන්තයක් චයිනා හාබර් වෙතත් තවත් පර්යන්තයක් වෙනත් පෞද්ගලික සමාගමක වෙතත් ලබා දී ඇති අතර ඒවායෙන් ලද ප්‍රගතිය කුමක්ද යන්න මෙහිදී සලකා බැලිය යුතු බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි

ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ දැනට කොළඹ වරායේ ධන නිධානය ලෙස පවතින කොටස බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

”ආණ්ඩුව කියනවා මෙය වැඩිදියුණු කිරීම සඳහා අරමුදල් හොයා ගන්න අපි ඉන්දියානු සමාගමක් සමඟ අළුත් කළමණාකාරිත්වයකට යනවා කියල. වචන වලින් මේක ලස්සනට කියන්න පුළුවන්. විවිධ අදහස්,උදහස් පළකරන්න පුළුවන්. වචන වලින් කොහොම කීවත් ඉන්දියාවට කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය පැහැදිලි ලෙසම විකිණීමේ එකඟතාවය දැන් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා ඉවරයි. එකේ පාඩුව ජාතියට. අපි ආණ්ඩුවෙන් අහන්නෙත් අපි කියන්නෙත් එකම එක කාරණයයි. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණේ මොකක්ද? ජාතික සම්පත් කිසිවක් විකුණන්නේ නැහැ කියල. එහෙම කියල මෙහෙම ආණ්ඩුවට අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ජාතික සම්පත් විකිණීම ආරම්භ කිරීම හරහා පෙන්වන ප්‍රධානම සාධකය තමයි මේ ආණ්ඩුවත් ජාතික සම්පත් විකුණගෙන කන්න සහ ජාතික සම්පත් හරහා හරිහම්බ කරගන්න උත්සාහ කරනවා කියන දේ.”

ඒ අනුව ජාතිය සතුව තිබෙන දේපළ විකිණීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරණ බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More