දේශීය පුවත්

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වැරදි වන අතර 49%ක් ඉන්දියාවට පැවරෙන බව පැවසුවද සම්පූර්ණ මෙහෙයුම් ඉන්දියාව විසින් කරන තත්ත්වයක ලාභයෙන් 90%කට වැඩි කොටසක් යන්නේ ඉන්දියාවට යන බවයි.

ඒ අනුව 69 ලක්ෂයකට දුන් පොරොන්දු දැන් කඩකරමින් සිටින බව පැවසූ ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

”69 ලක්ෂයට ඕන දේ නෙවෙයි මේ ආණ්ඩුව කරන්නේ. මේ රටේ ආණ්ඩුව කරන්නේ මේ ආණ්ඩුව හදන්න දීපු උදව් වලට පිටරටවල් වලට ප්‍රති උපකාර කිරීම.

ඒවායේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඉන්දියාවට අපේ වරාය දෙන්න හදන්නේ. මේ දෙන ක්‍රමවේදය සම්පූර්ණ වැරදි ක්‍රමවේදයක්. සමස්ත ආසියාවේම හොඳම වරාය හැටියට තියෙන්නේ අපේ වරාය. ඉන්දියාවට 49%ක් දෙන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ,ඉන්දියාව සම්පූර්ණයෙන් මේක හසුරුවනවා නම්, ඉන්දියාවේ අය විසින් ව්‍යාපාරවලට සම්බන්ධ වෙනවා නම් මෙතනදී අපි දකින්නේ 90%කට වැඩි ලාභයක් ලබන්නේ ඉන්දියාව. මේ ක්‍රමවේදය සම්පූර්ණ වැරදියි. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා 69 ලක්ෂයට දුන්න පොරොන්දු ටික හරියට ඉෂ්ඨ කරන්න. ඒක ඉෂ්ඨ කරන්න බැරිනම් අපි සූදානම් මේ ආණ්ඩුවට වඩා හොඳින් රට කරන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න.”

එක් පැත්තකින් පරිසරය විනාශ කරමින් පවතින අතර අනෙක් පැත්තෙන් ආර්ථිකය කඩා වැටෙද්දී ඒත් එක්කම ජාතික සම්පත් පිටරටවලට විකුණමින් සිටින බවත් 69 ලක්ෂයක් බලාපොරොත්තු වූයේ එවැනි ආණ්ඩුවක් නොවන බවත් හෙක්ටර් අප්පුහාමි මහතා තවදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More