දේශීය පුවත්

ආයෝජකයින් කැඳවිය යුත්තේ අපට කළ නොහැකි කාර්යයක් කිරීම සඳහා බව ශ්‍රී ලංකා වරාය ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු ආර්.පී.පී. ක්‍රිෂාන්ත පවසයි.

මේ වන විටත් නැඟෙනහිර පර්යන්තයෙන් 1/3ක් වරාය අධිකාරිය මගින් සාදා නිමකර ඇති බවත් එමගින් වසරකට ඩොලර් මිලියන 50ක ආදායමක් ලබාගත හැකි බවත් ඔහු අනාවරණය කරයි. එය ඉදිරියේ දී ඩොලර් මිලියන 250 දක්වා ඉහළ නැංවිය හැකි බවත් ඔහු සඳහන් කරයි.

සංවර්ධනය කිරීමට යැයි 2002 ඉන්දියාවට තිරිකුණාමල තෙල් ටැංකි කිහිපයක් ලබා දීම නිසා ඉතිරි තෙල් ටැංකි ටික පවා රටට ලබාගත නොහැකි පසුබිමක ඉන්දියාව වරායට වද්ද නොගත යුතු බවට ඔහු අනතුරු අඟවයි.

මේ නිසා ඉන්දියාව අප සමග තරහ නොවන බවත් තරහ වන්නේ නම් පාඩු ඔවුන්ට ම බවත් ඔවුන්ගේ විශාල භාණ්ඩ ප්‍රමාණයක් අපේ රටට ගෙන එන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.

වසර දෙකහමාරක් ඇතුළත නැඟෙනහිර පර්යන්තය ඉදිකිරීමට වරාය ඉංජිනේරුවන්ට හැකි බවත් ඒ සඳහා ඩොලර් මිලියන 600ක ණයක් උවමනා නැති බවත් ඩොලර් මිලියන 100ක ණයක් හොඳට ම ප්‍රමාණවත් බවත් ඔහු අනාවරණය කරයි.

අදානි සමාගම විසිංජම් වරායට විශාල ආයෝජනයක් සිදුකර කොළඹ වරායට සුළු ආයෝජනයක් රැගෙන එන්නේ අපට ආදරයට නොවන බවත් කොළඹ වරාය දියුණු කර තම විශාල ආයෝජනය අසාර්ථක කර ගැනීමට ඔවුන් කටයුතු නොකරන බවත් එහි කමිටු සාමාජික ඉංජිනේරු ලක්මාල් අබේසිංහ සඳහන් කළේ ය.

මේ වන විට වරාය අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කරන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් අයකු බවත් ලෝකයේ සෙසු වරායවල ආයෝජනය කළ හැකි මට්ටමට වරාය අධිකාරිය දියුණු කිරීමේ වගකීම ඔහුට ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More