දේශීය පුවත්

කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍යවරයා යෝජනා කරන ලද දෙමළ භාෂාව කථාකරන නීතීඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට ගත තීරණය තුලින්, පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධූරය වැනි තනතුරුවලට යම් ජන කණ්ඩායමක් සැලසුම් සහගතව පත්වී, පොලිස් දෙපාර්තමේන්තුවේ බලය අන්තවාදී බලවේග විසින් පාලනය කරන තත්වයක් ඇති වුවහොත්, එය මෙරට ජාතික ආරක්‍ෂාවට මහත් තර්ජනයක් ඇති කරණ බව සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව පවසයි.

තවද එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ මෙවැනි යෝජනා මගින් අධිකරණ අමාත්‍යවරයා, එක් ජනවර්ගයකට විශේෂ සැලකීම සහ නීතිය ඉදිරියේ සියළු දෙනා සමානය යන මූලධර්‍මයට පිටුපා ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතික ආගමික සහජීවනයට කර ඇති බරපතල තර්ජනයක් සහ බධාවක් එල්ල කරන බවයි.

ඒ අනුව අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස අතිගරු ජනාධිපති තුමාට බලකිරීම සඳහා පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණය පසුගිය ඉරිදා(17 ) මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පවත්වනු ලැබිය. නිරෝධායන නීති වලට ගරුකරමින් සීමිත පිරිසක් සහභාගි වූ මෙම උද්ඝෝෂණය සඳහා වර්තමාන රජය බලයට පත්කිරීම සඳහා කැපවූ 69 ලක්ෂයක් ජනතාව නියෝජනය කරමින් සිංහලේ ජාතික ඒකාබද්ද එකමුතුවේ සාමාජිකයින් පිරිසක්ද සහභාගී විය.

උද්ඝෝෂණයෙන් අනතුරුව එම පිරිස, අස්ගිරිය සහ මල්වතු මහනායක ස්වාමින් වහන්සේලා සහ අනු නායක ස්වාමින් වහන්සේලා වෙත “අධිකරණ ඇමති අලි සබ්රි මහතා කැබිනට් මණ්ඩලයන් ඉවත් කරන ලෙස අතිගරු ජනාධිපති තුමාට බලකිරීම සඳහා වූ” සංදේශයක් භාරදෙන ලදී.

එම සංදේශය පහතින් අමුණා ඇත.

අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මහනාහිමිපාණෝ,

මල්වතු මහ විහාරය,

මහනුවර.

අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහානායක මහනාහිමිපාණෝ,

අස්ගිරි මහ විහාරය,

මහනුවර.

අතිපූජ්‍ය ගෞරවනීය මහනායක මහානාහිමියනි,

කැබිනට් අමාත්‍ය අලි සබ්රි මහතා ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශ කිරීම සම්බන්ධව

වත්මන් රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අලි සබ්රි මහතා ක්‍දඩසා- 19 තත්වය සම්බන්ධයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදුනහොත් මුස්ලිම් ජාතිකයින් ආයුධ අතට ගැනීමට ඉඩ ඇතැයි ඉඟි කරවන ප්‍රකාශ නිකුත් කිරීම රටේ සාමයට එල්ල කරන ලද බරපතල තර්ජනයක් බව අප විශ්වාස කරමු.

සියළුම ජාතීන් ආගම් භේදයකින් තොරව රජයේ ගැසට් නියෝග අනුව කටයුතු කරද්දී මුස්ලිම් ජාතිකයනට පමණක් නීතිය ඉදිරියේ සුවිශේෂී වරප්‍රසාද ඉල්ලීම තුල රට තුල අන්තවාදී මත දරන පිරිස් එවැනි ප්‍රකාශ මගින් උත්තේජනය වන බව නොරහසකි.

`පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය මිනිසුනට සාධාරණයක් ඉටු කිරීම වස් වගඋත්තරකාරයන්ට දඬුවම් දීම පසෙකලා වත්මන් අධිකරණ අමාත්‍යවරයා අන්තවාදී මත වෙනුවෙන් පෙනී සිටීම වත්මන් රජයට ලක්‍ෂ 69 ඡන්දය ලබා දුන් ජනතාවගේ බලාපොරොත්තුව නොවන බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ බලවත් අවධානයට යොමු විය යුතු කාරණයකි.

මෙවන් වාතාවරණයක් තුල අලි සබ්රි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි කරුණකි.

එසේ පත්වූ අමාත්‍යවරයා නීතිය ඉදිරියේ සියළු දෙනා සමානය යන මූලධර්‍මයට පිටුපා කරන ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදයට, ජාතික ආගමික සහජීවනයට බරපතල තර්ජනයකි. බාධාවකි.

2021/01/11 දින කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍යවරයා යෝජනා කරන්නේ දෙමළ භාෂාව කථාකරන නීතීඥවරුන් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වශයෙන් 150ක් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගත යුතුය යන්නයි.

අප සිහිපත් කරනුයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක පිට අත් අඩංගුවේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වැනි පිරිස් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධූරය වැනි තනතුරුවලට පත්ව, පොලිස් දෙපාර්තමේන්තුවේ බලය අන්තවාදී බලවේග විසින් පාලනය කරන තත්වයක් ඇති වුවහොත්, මෙරට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් වගකියන්නේ කවුරුන්ද යන්න සේම සාධාරණ සැකයක් මතුකරවන ප්‍රශ්ණයකි.

වත්මන් රජයේ අධිකරණ අමාත්‍යවරයාගේ වැඩ සහ හැසිරීම කිසිසේත්ම ලක්‍ෂ 69ක් බලය ලබා දුන් බහුතර ජනතාව අනුමත නොකරන අතර අධිකරණ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කළ යුතුය යන්න බහුජන මතය සහ අපගේ පොදු විශ්වාසයයි.

අතිපූජ්‍ය ගෞරවනීය මහනායක මහානාහිමිපාණෙනි,

ඉහත කාරණය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බලවත් අවධානයට යොමු කරවා අධිකරණ අමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කර සුදුසු පුද්ගලයෙකු එකී තනතුරට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්‍ග ගන්නා මෙන් මහජනතාවගේ පොදු ඉල්ලීමත්, නීතියේ රැකවරණයත්, සර්ව සාධාරණත්වයත් අගයන මහජනතාවගේ ඉල්ලිම අති ගෞරවනීය මහා සංඝරත්නය වෙත මෙයින් ඉදිරිපත් කරන්නෙමු.

චානක බණ්ඩාර ගුණතිලක

ලේකම්,

(ජාතික සංවිධායක),

සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More