දේශීය පුවත්

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (18) බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර සිටියේ; ජාතීන් අතර සංහිඳියාව බිඳෙන පරිදි ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත් කළ ෆසාල් මොහොමඩ් නිසාර් නැමැති ව්‍යාපාරිකයාව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි.

පැහැදිලි ආදායම් මාර්ගයක් පෙනෙන්නට නොමැති මෙම සැකකරු ගෙවල් කුලී වශයෙන් මාසිකව රුපියල් 80,000/- ක්ද කුලී පදනම වශයෙන් ලබාගත් වාහනය සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක් ද කුලියට ලබාගත් වෙළෙඳසැලක් සඳහා මාසිකව රුපියල් 125,000ක මුදලක් ද ගෙවන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පුද්ගලික බැංකුවක ඇති මෙම සැකකරුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී පසුගිය කාලයේ සැකකටයුතු ලෙස ඒ හරහා රුපියල් ලක්ෂ 625 කට අධික මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති නිසා ඔහු දින 90ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත්කර ඇති බවයි.

ඒ අනුව එම සැකකරු තම භාරයට පත්කරන මෙන් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More