පක්ෂයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන තෙක් පක්ෂ නායකත්වයේ රැඳී සිටින ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ සිවිල් සංවිධාන රැසක් රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති නිසා ජනවාරි මාසයේ දී පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව මීට පෙර අවස්ථාවක පවසා තිබුනද තවත් මාස හයක් සඳහා පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, පක්ෂයේ ප‍්‍රධාන නිලතල රැසක් වෙනස් කිරීමට තීරණය කිරීමෙන් පසුව, නැවත වරක් පක්ෂය බෙදී යාමේ අවදානමක් උද්ගතව ඇති බව ද ඒ අනුව, රවී කරුනායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග බොහෝ දුරට පක්ෂය හැරයාමට නියමිත බව ද එජාප ආරංචි මාර්ග පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...