2014 වසරේදී නිදහස් සන්ධාන රජය සමයේ ධීවර ඇමතිවරයා ලෙස සිටියදී මෝදර ධීවර වරායට අදාළව ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියකදී රජයට පාඩුවක් සිදුවන අයුරින් අක්‍රමිකතාවයක් කලැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, එවක ධීවර නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ සහ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවීන්ද්‍ර මුණසිංහ යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙන අතර ඔවුන් තිදෙනාම රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියම කර ඇත.
චූදිතයන්ගේ ඇඟිළි සළකුණු වාර්තා කැඳවා පෙර වැරදි වාර්තා කැඳවන ලෙසට ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව වැඩිදුර විභාගය සඳහා නැවත අප්‍රේල් 21 වන දින කැඳවන ලෙස නියම කර තිබෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...