පසුගිය වසරේ (2020) සිට මේ දක්වා PCR පරීක්ෂණ දාහතර ලක්ෂ අසූහයදහස් නවසිය පනස් එකක් පෞද්ගලික ආයතන 07කදී සහ රාජ්‍ය අංශයේ ආයතන 22කදී කර ඇති බවත් එම PCR පරීක්ෂණ සඳහා රුපියල් කෝටි 648ක මුදලක් වැය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පෞද්ගලික අංශයේ වැඩිම PCR පරීක්ෂණයන් සිදුකර ඇත්තේ නවලෝක පෞද්ගලික රෝහලේදී වන අතර ඔවුන් පසුගිය වසරේ ජුලි මාසයෙන් ආරම්භ කළ PCR පරීක්ෂණයන් මේ වනවිට එක්ලක්ෂ අනූහත්දාස් දෙසිය තිහක් සිදුකර ඇතැයි එම ප්‍රකාශකයා පවසයි.
මේ අතර පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා සිට කොළඹ වෛද්‍ය පර්‌යේෂණායතනයේ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑපන්දහස් හත්සිය හතළිස් එකකි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත කර තිබෙන PCR රසායනාගාර මගින් සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව එක්ලක්ෂ තිස්නවදහස් නවසිය අසූ එකක් වෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...