දේශීය පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදුකර; කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගැනීමේ සටනේ නිරත වන වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් දඩයම් කිරීම සඳහා ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමටත්, ඉන්පසු වරාය අධිකාරියෙන් ඉවත් කිරීමටත් වන සැලැස්මක් මේ වනවිට දියත් වෙමින් පවතින බවත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම වරාය ඇතුළු අනිකුත් වෘත්තිය සමිතිවල අරගලය නැගෙනහිර පර්යන්තය විකිණීමෙන් එළියට ගෙන ගොස් වෙනත් දිශාවන් ඔස්සේ ගමන් කරවීමද එම වැඩපිළිවෙළේ කොටසක් බවට පත්ව ඇති අතර එමගින් අනෙකුත් වරාය සේවකයන් බියවද්දා වෘත්තිය සමිති අරගලය කඩාකප්පල් කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ප්‍රකාශ වේ.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව වරාය වෘත්තීය සමිති විසිතුනක්, නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ අරගලයට මේ වනවිට උරදී සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More