දේශීය පුවත්

කොවිඩ් ආසාදනය වීමෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී මියගොස් තිබූ රෝගියෙකුගේ දේහය ආදාහනය නොකරන ලෙසට මරණකරුගේ ඥාතීන් සිදුකළ බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පෙරේදා පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රීය වනතෙක් දැඩි අසීරුතාවකය මුහුණ දී ඇති බව වාර්තාවේ.

මියගිය තැනැත්තාගේ පවුලේ ඥාතීන් ඒ වනවිටත් නිරෝධායනයට ලක්වෙමින් සිට ඇති අතර ඔවුන්ව ගිලන් රථයකින් ශික්‍ෂණ රෝහලේ මෘත ශරීරාගාර පරිශ‍්‍රයට කැඳවා ඔවුන්ට කරුණු පැහැදිළි කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයන් කටයුතු කර තිබුණි. එහෙත් ඔවුන් දිගින් දිගටම තමන්ට දේහය රැගෙන යාමට අවශ්‍ය බව පවසා ඇත.

එහිදී මියගිය පුද්ගලයාගේ ඥතීන් ‍”ඔයාලාගේ නීතිය. ඒක හරියන්නේ නැහැ. අපේ මෙතන තියෙන දේ පොඩ්ඩක් බලන්න.” යනුවෙන් පවසා සිටියහ.

එහිදී මැදිහත්වූ කුලියාපිටිය පොලිසියේ පොලිස් නිළධාරින් පවසා සිටියේ,
“අපිට සහය දෙන්න එච්චරයි. ඔයාලා අත්සන් කරන්නේ නැද්ද? එහෙමනම් අපි උසාවි නියෝගයක් අරගෙන ඔක්කොම කරනවා. ඔයාලාගේ ආගමේ නීතියක් තියෙනවා නේ. පැය ගණනක් ඇතුළත කරන්න ඕනේ කියලා ආදාහනයක් වුණාම. ඒක කරගන්න වෙන්නේ නැහැ උසාවි නියෝගයක් අරගෙන කරන්න ගියාම ටිකක් වෙලා යනවා. එතකොට තව පැය 24ක් පනින්න පුළුවන්. ඒක තියෙන්නේ ඔයාලාගේ අතේ. ඔයාලා හරි හරි කියලා. පස්සෙ ඇගිල්ල දික්කරන්න එපා. ඔයාලා හතරදෙනාගේ ජිවිත වෙනුවෙන් මෙතන කීදෙනෙක් බලන් ඉන්නවාද? තව ලෙඩ්ඩු කීදෙනෙක් රෝහලේ ඉන්නවාද? ඔය කට්ටිය එහෙම අසාධාරණ වැඩකරන්න එපා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More