දේශීය පුවත්

මහා භාණ්ඩාගාර බැඳුම්කර කොල්ලයේ මූලික චූදිතයන් වශයෙන් පරීක්ෂණ වාර්තා කිහිපයකම චෝදනාවට ලක්වී සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, එවකට මුදල් ඇමතිව සිටි රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකර වෙනත් මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති වශයෙන් සිදුකරන ලද විමර්ශන ඇසුරින් අවසන් වාර්තාව සකස් කිරීමේදී පාද සටහන් හෙවත් ෆුට්නෝට් යොදන ලද මන්ත්‍රීවරු 07 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හෙළි වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කෝප් කමිටු සාමාජික මන්ත්‍රීවරුන් මෙම වාර්තාව විකෘති කිරීම සඳහා පාද සටහන් යොදා තිබිණි.

මෙම බැඳුම්කර වංචාවෙන් මහජන ධනය රුපියල් කෝටි 1100ක් පමණ සෘජුවම කොල්ලකා ඇති බව තහවුරු වී ඇත. ඊට අමතරව ණය පොලී අනුපාතය ඉහළයාම ඇතුළු වක්‍ර ප්‍රතිවිපාක නිසා මේ වනවිට අවසන් වශයෙන් ගණනය කර නොමැති තවත් රුපියල් කෝටි දහස් ගණනක මුදලක් රජයට අහිමිකර තිබේ. මේ සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තාවක් ජාත්‍යන්තර විගණකවරුන්ගෙන් ලබාගෙන ඇති අතර එහිදී අර්ජුන් මහෙන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සමග සම්බන්ධතා පැවැත්වූ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පිළිබඳවද හෙළිවී තිබේ. මෙම ආණ්ඩුවට සම්බන්ධ වර්තමාන මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන්ද ඒ අතර සිටිති.

මෙයට පෙර පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 18 දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති බව වර්තමාන ආණ්ඩුවේ රාජ්‍ය ඇමති දයා සිරි ජයසේකර සඳහන් කර තිබිණි. ඔහු සහ සරත්ෆොන්සේකා මන්ත්‍රීවරයා මැතිවරණ සඳහා ඔහුගෙන් මුදල් ලබාගත් බවද පිළිගෙන තිබිණි.
(Lanka Truth පුවත් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More