විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතාට ලබා දුන් උසාවි නියෝගයට දෙමසක් ගතව ඇතත් මේ වනතුරු රජය එයට නිසි මැදිහත්වීමක් කර නැති බවත් වනජීවී දෙපාර්තමේන්තුව ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් “සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ” සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ප‍්‍රකාශ කර සිටිති.
අදාළ නඩු තීන්දුවට අනුව විල්පත්තුවේ යළි වන වගා කිරීම වෙනුවෙන් තුන් මසක් ඇතුළත ඇස්තමේන්තුවක් සාදා එම මුදල් රජයට භාර දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුව ඇතත් එය මේ මොහොතේ සිදුවී ඇත්දැයි තමන් වහන්සේ නොදන්නා බව ද ආනන්ද සාගර හිමියෝ සඳහන් කළහ.
විල්පත්තුවේ එළි පෙහෙළි කළ වනාන්තර ප‍්‍රදේශයේ මේ වනවිටත් විශාල පවුල් සංඛ්‍යාවක් පදිංචිව සිටින බවත් ඔවුන්ගේ යටිතල පහසුකම් සියල්ල රජයේ මුදල් යොදවමින් සිදුවීම තුළ රජය මෙරට මහජන මුදල් අවභාවිත කරමින් සිටින බව ද උන්වහන්සේ චෝදනා කළහ.
එවන් තත්ත්වයක් හමුවේ මේ පිළිබඳව නිසි අවධානය යොමු කර විල්පත්තුව යළි නඟාසිටුවීමට රජය, වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන ක‍්‍රියා කරන්නේ නම් එය මෙරට ජනතාවට ඉටුකරනු ලබන සුවිශාල වටිනාකමකින් යුත් සේවයක් වනු ඇති බව ද පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරත් ප්‍රකාශ කර සිටිති.
(දිවයින පුවත් ඇසුරිනි)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...