කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසන්නේ තමන් බෝම්බකරුවෙක් වූයේ නම් අද විමල් වීරවංශ ජීවතුන් අතර නැති බව පැවසූ බව වාර්තාවේ.
නමුත් එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ අසාද් සාලි මහතා තමන් බෝම්බ කරුවෙකු වෙන්නේද නැති බවත් එසේ වන්නට ඉඩ තබන්නේ ද නැති බවත් පවසා සිටි බවයි.
එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ මේ රටේ සියළු ජාතීන් එක්ව සමගියෙන් ජීවත් විය යුතු බවත් අන්තවාදී කටයුතු සාර්ථක නැති බවත් බව එම වාර්තා සඳහන් කරයි.
අසාද් සාලි මහතාගේ මේ හැසිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ මහතෙකු පවසා සිටියේ අසාද් සාලි මහතා නීතිය හමුවේ තමා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට මරණ තර්ජන නොකළේය යන්න තහවුරු වන ලෙසත් අනිත් අතින් තමා නියෝජනය කරන මුස්ලිම් අන්තවාදී කොටස් උද්යෝගයට පත්වන ලෙසත් විටින් විට ප්‍රකාශ නිකුත් කරන බවයි.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ අසාද් සාලි මහතාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මීට වඩා සැලකිළිමත් විය යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...