දේශීය පුවත්

අද (16) දින තරුණයින් පිරිසක් සමඟ නුගේගොඩ පැවති විශේෂ සංවාදශීලි හමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කොවිඩ් එන්නතක් ලබාගැනීම සම්බන්ධයෙන් රජයට මෙතෙක් නිසි සැලසුමක් නැති බවයි.

“ලංකාවේ එන්නත් කිරීම ගැන කිසිම සැලසුමක් නෑ. අපි හිඟාකනවා පුද්ගලික අංශයෙන් අපිට සල්ලි දෙන්න කියලා. මෙහෙම බොරු කරන්න එපා.” යනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත එහිදී ප්‍රශ්නයක් යොමුකරමින් එහි සිටි අයෙක් ඇසුවේ, “මේ මොහොතේ ඔබතුමන්ලාගේ රජයක් තිබුණා නම් මොනවගේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන්නේ.. සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට,” යනුවෙනි.

ඔලුව කසමින් ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, “එක වාසියක් තියෙනවා. රජයෙත් නෑ පාර්ලිමේන්තුවෙත් නෑ,” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More