දේශීය පුවත්

ආණ්ඩුවෙන් ඉල්ලූ කිසිම සහනයක් නොලැබුණු නිසා ලබන 18 වැනිදා සිට පෞද්ගලික බස් වර්ජනයක නිරතවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (15 වැනිදා* පැවසීය.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පෞද්ගලික බස්රථ කර්මාන්තය බින්දුවටම කඩාවැටී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විජේරත්න මහතා මෙසේ ද කියා සිටියේය.

නොවැම්බර් මාසයේ ඉඳලා තාමත් අපේ පෞද්ගලික බස්රථ හරියට ධාවනය වෙන්නේ නැහැ. මේ තත්ත්වය උඩ පළාත් සභාවෙන් කියනවා ලොග් ෂීට් ගන්න කියලා. කොරෝනා වසංගතය නිසා දුවපු නැති බස්වලටත් ලොග් ෂීට් ගන්නලූ. මේක හරි අසාධාරණයි.

ආණ්ඩුවෙන් දුන්නු සහන දකුණු පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභාවලින් අපේ පෞද්ගලික බස්රථ කර්මාන්තයට ලැබුණේ නැහැ.

ඒ වගේම මේ පෞද්ගලික බස්රථ ධාවනය හා පරිපාලනය ඒකාබද්ධ කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් ඒ දේවත් මේ වෙනකන් ආණ්ඩුව කළේ නැහැ.

ඒ වගේම දේශපාලන හිතවතුන්ට පෞද්ගලික බස්රථ ධාවනය කරන්න මාර්ග බලපත‍්‍ර දෙන්න හදනවා. මේක වහාම නතර කළ යුතුයි.

ඒ වගේම කොරෝනා වසංගතය සමඟ ගම්වලට ගිය බස්රථ සේවකයන් තාම කොළඹ ඇවිත් නැහැ. මේ නිසා තාමත් බස්රථ බොහෝමයක් ගෙවල්වල. මේ තත්ත්වය යටතේ බස් ටික ධාවනය කරගන්න බැරිවීම තුළ ලීසිං ගෙවා ගන්න නොහැකිව බස්රථ හිමිකරුවන් අන්ත අසරණ වෙලා. ලීසිං සහනයක් දෙන්න කිව්වට ඒවත් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ.

මෙන්න මේ නිසා ලබන 18 වැනිදා ඉඳලා අපි බස් වර්ජනයක නිරත වෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More