“බෙල්ලන්විල පන්සලට බුරුමයෙන් තෑගි කළ ඇත් පැටවා අතින් නායක ස්වාමීන් පහර කා මියයාමෙන් පසුව ඇතාට කෲර වද හිංසා” යන සිරස්තලයෙන් යුත් ලිපියක් 2021 ජනවාරි 15 දින සිකුරාදා පොලිස්පතිවරයා වෙත යොමු කරමින් ඇත් පැටවාට දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන කෲර වධ හිංසාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරන බව මහජන අයිතිය බල ගැන්වීමේ ක්‍රියාකාරී සහ විනිවිද පෙරමුණේ ප්‍රධාන ලේකම්, නාගානන්ද කොඩිතුවක්කු විසින් අනතුරු අඟවා ඇත.
නාගානන්ද කොඩිතුවක්කු සිය ලිපිය මගින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ, මීට ප්‍රථමයෙන්ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතත් මෙම ඇතාට දීර්ඝ කාලයක් පුරා පමුණුවන කෲර වද හිංසා වලින් නිදහස් කිරීමට මේ දක්වා සම්පුර්ණයෙන්ම අසමත් වී ඇති බවයි.

ඇත් පැටවා වධ හිංසාවට ලක් වන ආකාරය වීඩියෝ සාක්ෂි ද සහිතව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පොලිස්පතිවරයාට කරුණු පැහැදිලි කර දී තිබේ.

“පිටුපස කකුල් දෙක එකට ගැට ගසා මෙම ඇත් පැටවාට නැගිටගත නොහැකි ලෙස බැඳ දමා පමුණුවන දරුණු වධ හිංසා නීතියක් ඇති රටක කොහෙත්ම සිදු විය නොහැක.”
එය සම්පුර්ණ නීති විරෝධි, සදාචාර විරෝධි සහ දහමට සම්පුර්ණයෙන්ම පටහැනි අපරාධ වරදක් වන අතර නීතිය ප්‍රකාර සතුන්ට කෲර අමානුෂික හිංසා පීඩා පැමිණවීම අපරාධ වරදක් බවත් ඔහු පෙන්වා දී තිබේ.
බුද්ධාගම රාජ්‍ය ආගම වන අතර එය පෝෂණය කිරීමට රජය බැඳී සිටින බව පවසන නාගානන්ද කොඩිතුවක්කු පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ, ඇතාට සිදු වන වධ හිංසාවට එරෙහිව රටේ නීතිය බල ගැන්වීමට තවදුරටත් අපොහොසත් වුවහොත් ” බුද්ධාගමේ නමින්” අපරාධ වරදෙහි යෙදෙන තැනැත්තන් ආරක්ෂා කිරීමට පොලිස්පති ධුරය අවභාවිත කිරීමේ දුෂණ චෝදනා මත නඩු පැවරීමට ක්‍රියා කරන බවයි.
බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මියන් කුමාර නමැති ඇත් පැටවා ජල තටාකයක වැතිර සිටින ආකාරයත්, ඇතාගේ ඉදිරි සහ පිටුපස පාද බැඳ දමා දණ්ඩකින් පහර දෙන ආකාරයත් ඇත් පැටවා වේදනාවෙන් හඬ දෙන ආකාරයත් දැක්වෙන වීඩියෝ පට පසුගිය වසරේදීත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුනි.
මේ වන විට දහසය හැවිරිදි වියේ පසුවන මියන් කුමාර නැමැති ඇත් පැටවා මියන්මාර රජය විසින් බෙල්ලන්විල රජමහා විහාරයට ත්‍යාගයක් වශයෙන් ලබා දී ඇති අතර 2013 වසරේදී ඇත් පැටවා ශ්‍රී ලංකාවට ගෙන විත් තිබේ.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් මියන් කුමාරගේ පහර දීමට ලක්ව 2018 වසරේදී බරපතළ තුවාල ලැබූ බව එවකට මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඉල ඇටවලට බරපතළ හානි සිදුවී රෝහල්ගත කෙරුණු එහිමියන් පසුව අපවත් වූහ.
නමුත් එවැනි පහර දීමක් සිදු වූ බව ප්‍රතික්ෂේප කළ විහාරස්ථාන පාළනාධිකාරිය එවක පවසා තිබුනේ මහාචාර්ය විමලරතන හිමි ඇත් පැටවාට ආහාර දීමට ගිය අවස්ථාවේ ඇද වැටී තුවාල සිදුවූ බවයි.

(ලීඩර් පුවත් ඇසුරිනි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...