දේශීය පුවත්

සෞභාග්‍යයේ දැක්ම නම් වූ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම්, ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු හේතුවක් නොමැති බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ද, නැද්ද යනුවෙන් ඇති වී ඇති සංවාදය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම නමැති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මත. එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා ජාතික ගැටලූව ඇතුළු මෙම රාජ්‍යය තුළ පැනනැඟුණු ප‍්‍රශ්න විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙනඑන බව. එම ප‍්‍රකාශය තුළින් පැහැදිලි වෙනවා නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා ක‍්‍රමයේ යම් සංශෝධනයක් සිදුකරන බව. එම සංශෝධනය

සිදු කිරීමට පෙර මෙම අවස්ථාවේදී පළාත් සභා මැතිවරණයක් පැවැත්වුවහොත් එය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කි‍්‍රයාවලියට බාධාවක් වනවා. ඒ වගේම මෙම අවස්ථාවේදී මැතිවරණය පවත්වා වසර 5 ක කාලයක් සඳහා පළාත් සභාව පිහිටුවූ පසු නව ව්‍යවස්ථාව මගින් පළාත් සභා ක‍්‍රමය යම් වෙනස් කිරීමකට ලක් කිරීමට යෝජනා කළහොත් එම අවස්ථාවේදීත් ගැටුමක් ඇති වෙනවා. වසර 5 ක කාලයක් සඳහා පළාත් සභාව පත් වී තිබියදී නව ව්‍යවස්ථාව මගින් එය වෙනස් කිරීමට යෝජනා කිරීම නොකළ යුතු දෙයක් බව පොඩි ළමයකුට වුවත් තේරෙනවා.

ආණ්ඩුව වර්ෂයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කරන බව පොරොන්දු වූවා. එසේ නම් කිසිම කලබලයක් නැහැ, ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට. එසේ තිබියදී එම මැතිවරණය පැවැත්වුවහොත් එය ආණ්ඩුවේ අවංක භාවය පිළිබඳව ප‍්‍රශ්න මතුකරන්නක්. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ මේ වනවිට වසර තුනක් පුරා කි‍්‍රයාත්මක නොවූ පළාත් සභාව සඳහා එම මැතිවරණය පවත්වන ලෙසට මහජනතාව තුළින් ද බරපතළ ඉල්ලූමක් නොමැති බවයි්ි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More