දේශීය පුවත්

රත්රන් හා තඹ ලෝහ වර්ග ඇතැයි නිරික්ෂණය වී ඇති සේරුවාවිල රන් නිධියේ පර්යේෂණ කටයුතු සඳහා ඇමෙරිකාවේ මවු සමාගමට අනුබද්ධ කැනඩා සමාගමකට පතල් කාර්යාංශය මඟින් කැණීම් සඳහා බලපත්‍රයක් ද මේ වන විට නිකුත් කර ඇති බව අනාවරණය වෙයි.

පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේදී ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළ නිලධාරින්ගේ ද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවක දී අනාවරණය වූ අන්දමට කැනඩා සමාගමේ කැණීම් කටයුතු පිළිබඳව විශේෂඥ පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරික්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

අමාත්‍යාංශය පවා දැනුවත් නොකරමින් කැනඩා සමාගමට පර්යේෂණ කටයුතු සඳහා බලපත්‍රයක් දීම ගැන අමාත්‍යාං ලේකම්රවයා මේ සාකච්ඡාවේදී පතල් කාර්යාංශයේ නිලධාරීන්ට දොස් පැවරූ බව ද වාර්තා වේ.

භූ විද්‍යාඥයන් පවසන්නේ රත්රන් පවතින නිධික ග්ලැටිනම්, රිදී, තඹ වැනි ලෝහ පිහිටි භූ ස්ථ්රයක පැවැතිය හැකි බවත් සේරුවාවිල පිහිටා තිබෙන්නේ එවැනි භූ ස්ථරයක් බවයි.

භූ විද්‍යා කාර්යාංශයේ ඉහළ නිලධාරියකුගෙන් කැනඩා සමාගමට බලපත්‍රයක් දී තිබීම ගැන කළ විමසීමකදී පිළිතුරු වශයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ; 1992 අංක 33 දරන පතල් පනතට අනුව මෙවැනි පරීක්ෂණ සඳහා විදේශ සමාගමකට අවසර දෙනු ලබන්නේ දේශීය වශයෙන් මෙවැනි සමාගමක මැදිහත්වීම හා අවසරය ඉල්ලා සිටීම මත පමණක් බවත්, ඒ අනුව එම පරීක්ෂණ කටයුතුවලදී සියයට 60ක අයිතියක් දේශීය සමාගමටත් සියයට 40ක අයිතියක් විදේශ සමාගමටත් හිමි වන බවයි.

විදේශ සමාගම ඒ අන්දමට මේ රටේ මේ ආකාරයේ සමීක්ෂණ පවත්වා තිබෙන බවත් සමීක්ෂණවල ප්‍රතිඵල සාර්ථක නැතිනම් ඔවුන් ආපසු යන බවත් විදේශ සමාගමකට බලපත්‍රයක් දෙනු ලබන්නේ ඉහත කී පනතේ ප්‍රතිපාදනවලට අනුවම බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටී.

(මව්බිම පුවත්පත ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More