ප‍්‍රධාන පුවත්

නෙදර්ලන්ත දරුවන් සඳහා වූ සුභ සාධන අරමුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මාර්ක් රූට් ඇතුළු ඔහුගේ කැබිනට් මණ්ඩලයට චෝදනා එල්ල වීමත් සමඟ ඊයේ (15) දින අග්‍රාමාත්‍යවරයා විසින් සිය කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම සිය සුපුරුදු ප්‍රවාහන මාධ්‍ය වන පාපැදියේ ම ගොස් නෙදර්ලන්ත රජතුමා වන විලියම් ඇලෙක්සැන්ඩර් වෙත භාර දී තිබේ.

මෙම මූල්‍ය වංචාව නිසා එරට පවුල් බොහෝමයක් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ටද මුහුණ දුන් බව සඳහන් වන අතර නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් පවසා තිබුණේ අහිංසක මිනිසුන් බොහොමයක් මෙම අපරාධයට මුහුණ දුන් බවත් ඔවුන්ගේ ජීවිත ද විනාශ වූ බවත්ය.

ඔහු එහිදී මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙය මෙතැනින් අවසන් විය යුතු බවයි.

මෙම තීරණය ගෙන තිබුණේ කොවිඩ් 19 වසංගතය එරට තුළ උච්ච අවස්ථාවකට පැමිණ තිබෙන විටකදී වීම ද විශේෂත්වයක් වන අතර මෙම වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය තෙක් වසංගතය මැඩපැවැත්වීම සඳහා රජය භාරකාර ධූරයේ රැඳී සිටින නමුත් මෙම මූල්‍ය වංචාවට ඍජුව සම්බන්ධ වූ ආර්ථික අමාත්‍ය එරික් වයිබ්ස් ඔහුගේ සියලු ධූරයන්ගෙන් ඉවත්ව ගොස් තිබේ.

මීට පෙර නෙදර්ලන්ත රජයක් ඉල්ලා අස්වී තිබෙන්නේ 2002 වසරේ දීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More