දේශීය පුවත්

WhatsApp විසින් සිය රහස්‍යතා ප්‍රතිපත්තිය(Privacy Policy) ලබන පෙබරවාරි 08වැනිදාට යාවත්කාලීන කිරීමට තීරණය කර තිබුණද ඒ පිළිබඳව නවතම නිවේදනයක් සිය නිල ට්ව්ටර් ගිණුම හරහා නිකුත් කරමින් WhatsApp සමාගම පවසන්නේ එම යාවත්කාලින කිරීමේ කටයුතු ලබන මැයි 15 වැනිදා දක්වා කල් දැමූ බව ය.

WhatsApp සිය මව් සමාගම වන Facebook සමග බෙදාගන්නා දත්ත පිළිබඳව විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් පසු එහි රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට පසුගියදා තීරණය කළ අතර ලබන පෙබරවාරි 08 න් පසුව යෙදුම දිගටම භාවිතා කිරීම සඳහා පසුගිය මාසයේදී WhatsApp විසින් යාවත්කාලීන කරන ලද සේවා කොන්දේසි සහ රහස්‍යතා ප්‍රතිපත්තියට පරිශීලකයින් එකඟ විය යුතුය.

Facebook සමග එකතු කරන සහ බෙදා ගන්නා පරිශීලක දත්ත මොනවා ද? යන්න පිළිබඳව සහ ඒ හේතුවෙන් සිය පෞද්ගලිකත්වයට හානි වන බවට පරිශීලකයින් අතර දැඩි ව්‍යාකූලත්වයක් හටගෙන තිබුණි.

එම ව්‍යාකූලත්වය හේතුවෙන් ටෙලිග්‍රෑම් මෙසෙන්ජර් වැනි තරඟකාරී යෙදුම්(App) වෙත මේ වනවිට විශාල පරිශීලකයින් ප්‍රමාණයක් යොමු වී ඇති බැවින් මෙම කල් දැමීම සිදුකර ඇතැයි වාර්තාවේ.

පසුගිය සති කිහිපය තුළදී ප්‍රධාන රාජ්‍ය නායකයින් විශාල පිරිසක් Telegram Messenger භාවිතා කිරීම ආරම්භ කර ඇති බව එහි ප්‍රධාන විධායක පාවෙල් දූරොප් (Pavel Durov) මහතා ප්‍රකාශ කරයි. එම රාජ්‍ය නායකයින් අතර තුර්කිය, බ්‍රසීලය, යුක්‍රේනය, මෙක්සිකෝ, උස්බෙකිස්ථාන් රටවල ජනාධිපතිවරුන්ද තායිවානය,ඊශ්‍රායලය, ඉතියෝපියාව, සිංගප්පූරුව යන රටවල අගමැතිවරුන් ද ඇති බව වාර්තාවේ.

ඩිජිටල් ලෝක ඉතිහාසයේ විශාලතම ආගමණය පසුගිය සති කිහිපය තුළ සිදුවී ඇති බව ද මේ වනවිට ලෝක ජනගහනයෙන් 7%කට වැඩි ප්‍රමාණයක් (මිලියන 500) ටෙලිග්‍රෑම් මෙසෙන්ජර් භාවිතා කරන බව ද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More