2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අදානි සමාගම සමඟ සබඳතා පවත්වමින් සිටි ඒ වන විට මැලේසියාවේ වරායක රැකියාව කළ වරායේ හිටපු උසස් නිළධාරියෙකු කොළඹ වරායේ ඉහළම පුටුවට පත්කිරීම සඳහා ප්‍රභල මෙහෙයුමක් දියත් කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත.
මෙම නිළධාරියාට අදානි සමාගම විසින් පවරන ලද වගකීම වී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය විසින් ඉදිකිරීම කල් දැමීම බව ද වාර්තා වේ. ඒ අනුව වසර තුනක් තුළදී තමාට ලැබුණු කොන්ත්‍රාත්තුව ඉටු කළ මෙම නිළධාරියා නැවත විදේශගතව ඇත. ඉන්පසුව වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු නැවතත් එම නිළධාරියා ඉහළම පුටුවකට පත්කිරීම සඳහා යම් ඉහළ නිළධාරියෙකු යොදාගත් බවටද සාක්ෂි ඉදිරිපත් වේ. දැන් ඔහුගේ කොන්ත්‍රාත්තුවේ ඉතිරි ඉතිරි කොටස ඔහු විසින් ඉතා මැනවින් ඉටුකරමින් ඉටු කරමින් වරායේ කොටස් අදානි සමාගමට විකිනීම සඳහා බළධාරීන් පෙළඹවීමට ඔහු සමත් වී ඇත.

(ගෞතම් අදානි )
අදානි සමාගම පුද්ගලයන් මිළදී ගැනීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන සමාගමකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...