පසුගියදා පාර්ලිමේන්තුවේදී PCR පරීක්ෂණ සිදු කෙරුණු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල අනුව ඔවුන් කොවිඩ් -19 ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇත.
පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.
දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයාට, වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරයාට සහ රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට කොවිඩ් – 19 ආසාදිනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් පසුගිය බදාදා ආරම්භ කෙරුණි.
ඒ අනුව ඉන් 459 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට අද දිනයේ තහවුරු වූ බවත් කාර්යය මණ්ඩලයට හා ආරක්ෂක අංශයට අනුයුක්ත සිව් දෙනෙකුගේ අවසන් PCR පරීක්ෂණ වාර්තා නිකුත්වීමට නියමිතව ඇති බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...