දේශීය පුවත්

තම සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිරෝධායන ක්‍රියාවලිය මඟහරිමින් සැඟවී සිටි බවට අසත්‍ය පුවත් නිර්මාණය කරමින් අපහාස කරන තැනට ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් පත්ව ඇති අතර ඔවුන් එසේ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාවන් අනුව බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ එසේ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම සංගමය මේ වනවිට නීති උපදෙස් ලබාගනිමින් සිටින බවයි.

“අපි මේ මොහොත වෙනකොට ඉතාම තීරණාත්මක ලෙස මැදිහත් වෙලා ඉන්නවා මේ රටින් දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට. ඒ මැදිහත්වීම ම සමහර මාධ්‍ය ප්‍රධානීන්ට කරදරයක් වෙලා තියෙනවා. තමන්ගෙ ජාවාරම්වලට වදිනකොට සමහරුන්ට තරහා යනවා. එතකොට අපේ සංගමයේ ප්‍රධානියා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හැංගිලා කියලා ප්‍රචාරය කරන තරමටම පහත් මට්ටමට ගිහිල්ලා තියෙනවා.

මේ සියලුම අය හිතනවා නම් වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට පහරදීලා, ඔහු හැංගිලා කියලා ප්‍රචාර හදලා, ඒ හරහා කිරිපිටි සමාගම්වල වුවමනාව, දුම්කොළ සමාගම්වල වුවමනාව, මත්පැන් සමාගම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව ඉෂ්ඨ කරලා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නතුකරගන්න, ඒක ඔවුන්ට දවල් සිහිනයක් පමණයි.

ඒ වගේම අපි මේ වෙනකොට නීතීඥ සහාය ලබාගනිමින් ඉන්නවා මේ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඔහු ගෙදර නොසිටි වෙලාවක ඔහු ලයිට් නිව්වා දොරවල් ලොක් කළා කීම සම්බන්ධව, මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියව දැනුවත් කළාද යන්න සම්බන්ධව, ඒවගේම ආශ්‍රිතයකුගේ තොරතුරු මේ ආකාරයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධව මේ සියල්ලටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (15) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More