විදේශ පුවත්

ලෝකයේ සිව්වැනියට ධනවත්ම පුද්ගලයා වන මයික්‍රෝසොෆ්ට් ආයතනයේ හිමිකරුද වන බිල් ගේට්ස් ඇමෙරිකා එක්සත් ජනපදයේ දැවැන්තම ගොවි ඉඩම් හිමියා බවට පත්ව ඇති බවට ලෝක ප්‍රසිද්ධ ෆොර්බ්ස් සඟරාව පවසා තිබේ.

බිල් ගේට්ස් විසින් ඇමෙරිකානු භූමියෙන් අක්කර 242,000ක් භූමියක් තමන් සතු කර ගැනීමත් සමඟ ඇමෙරිකාවේ විශාල ගොවි ඉඩම් හිමියා බවට පත්ව ඇත.

මේ වන විටත් බිල් ගේට්ස් සතුව ඇමෙරිකාවේ ලූසියානා ප්‍රාන්තයේ පමණක් ගොවි බිම් අක්කර 69,071ක් ද, ආකැන්සාස් ප්‍රාන්තයේ අක්කර 47, 927ක්ද, නෙබ්‍රස්කා ප්‍රාන්තයේ අක්කර 20,588ක් ද, අයත් වන අතර ඇරිසෝනා හි ෆීනික්ස් හි බටහිර දෙසින් ඇති ගොවි භූමිවලින් අක්කර 25,750 ක කොටසක් ද ඔහු සතුව ඇති අතර එම කොටස වෙනම නගරයක් ලෙස නිර්මාණය කරමින් සිටින බවද වාර්තා වෙයි.

බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් ද ලෝකයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව විවිධ පරික්ෂණයන් මෙන්ම අත්හදා බැලීම් සිදු කරන යුවලක් වන අතර වරක් ඔවුන් විසින් දකුණු අප්‍රිකාවේ මෙන්ම දකුණු ආසියාවේදෙ තිරසාර කෘෂිකර්මාන්තයක් ප්‍රවර්ධනය වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක මුදල් ආයෝජනය කර තිබුණි.

ගේට්ස්ගේ ගොවිබිම් භාවිතා කරන්නේ කෙසේද යන්න හෝ කිසියම් ඉඩමක් සංරක්ෂණය සඳහා වෙන් කරන්නේද යන්න සම්පූර්ණයෙන්ම ආනවරණය වී නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More