දේශීය පුවත්

සහරාන් හෂිම් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ පාස්කු බෝම්බ ප‍්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප‍්‍රමුඛ වගකිවයුත්තන්ට අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සම්බන්ධයෙන් විභාගය ලබන මාර්තු අට වැනිදා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) දින තීරණය කළේය.

එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, පි‍්‍රයන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු සහ පී‍්‍රති පද්මන් සූරසේන යන සත්පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

නඩුව ඊයේ (15) දින කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති හිටපු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි රවින්ද්‍ර විජේගුණවර්ධන හා හිටපු නාවික හමුදාපති පියල් ද සිල්වා යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතා කරුණු දක්වමින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අවසර ලබාදෙන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල ලබන පෙබරවාරි 8 වැනිදා විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසටත් ප‍්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ලබන පෙබරවාරි 15 වැනිදා ගොනු කරනා ලෙසටත් නියෝග කළහ.

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට අමතරව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන යන මහත්වරුන් හා යහපාලන රජයේ කැබිනට් මණ්ඩලයත්, එවකට බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසකුත් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

සහරාන් හෂිම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒවා වළක්වා ගැනීමට පියවර නොගැනීමෙන් එම වගඋත්තරකරුවන් ඔවුන් වෙත පැවරී තිබූ රාජකාරිමය වගකිම් පැහැර හැර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර වගකිවයුත්තන්ට නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිරණයෙන් ඉල්ලා තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More