දේශීය පුවත්

විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා මහතා පවසා සිටියේ නැගෙනහිර ජැටියෙන් 49%ක් ඉන්දියාවට ලබාදීමෙන් එය සදාකාලිකම ඉන්දියාවට දීමට සමාන වන බවයි.

මාධ්‍යය හමුවේදී රාජකරුණා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ජනාධිපති සහ ඒ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ජනාධිපති තහවුරු කරනවා මේක විකුණන්නේත් නෑ, බදු දෙන්නේත් නෑ, හැබැයි මේක සංවර්ධනය කරනවා කියලා. එහිදී සියයට 51 ක් ශී‍්‍ර ලංකාවට බවත් අනෙක් සියයට 49 ඉන්දියාවට බවත් කියලා තියනවා. මේ කාවද රවට්ටන්න යන්නේ. බදු දුන්නොත් යළි රටට අයිති වෙනවා.

නමුත් මෙහෙම සියයට ප‍්‍රතිශතයක් දෙනවා කියන්නේ භාගයක් විකුණනවා කියන එකයි. ඒක සදාකාලිකවමයි. එතැනදී සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාව රවට්ටා තිබෙනවා. මේක තනිකර බොරුවක් කරන්නේ. සංවර්ධනය කරනවා කියලා භාගයක් විකුණන්නයි හදන්නේ. සියයට 49ක් දුන්නහම අපිට කවදාවත් ලැබෙන්නේ නෑ. සදාකාලිකවම ඉන්දියාවේ අදානි සමාගමට අයිති වෙනවා.” යැයි පැවසුවේය.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,
” මේ ආණ්ඩුව එදා බලයට එන විට කිව්වේ රජයේ සම්පත් විකුණන්නේ නෑ කියලා. දැන් ඒ අයම තමයි මේ වගේ තීන්දුවක් අරගෙන තිබෙන්නේ. අපි කියන්න ඕනෑ මේකට පසුගිය ආණ්ඩුවට බෝලේ පාස් කරන්න එපා කියලා. මොකද මේ අය කිව්වේ පහුගිය ආණ්ඩුව විකුණපුවාත් ගන්නවා කියලායි. අපේ කාලයේ හම්බන්තොට වරාය ගත්තොත් අනූනව අවුරුදු බද්දකට ලබා දුන්නා. නමුත් එය අවුරුදු 99ක් හරි ගිහින් අපිට ලැබෙනවා. නමුත් මෙතනදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අපිට අයිතිවෙන්නේම නෑ. මේ අය ආවොත් සින්නක්කරම තමයි දෙන්නේ. අපිට මතකයි ෂැංගි‍්‍රලා හෝටලයට ඉඩම දුන්නා සින්නක්කරේටම. මේ අය කිව්වා එදා හම්බන්තොට වරායේ ගිවිසුමත් අහෝසි කරනවා කියලා. එහෙම කියපු අය තමයි අද මෙහෙම කරන්නේ.” යනුවෙන් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More