දේශීය පුවත්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය පත්කළ සාකච්ඡා කිරීමේ කමිටුවට හෙට (16) දිනයේදී සිය යෝජනා ඉදිරිපත් කරන බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

වරාය අධිකාරියේ වෘත්තිය සමිති 23ම නියෝජනය කරන මෙම එකමුතුව අද (15) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹ තිබේ.

වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා සඳහන් කළේ, ” ජනාධිපතිතුමා විසින් අපිට කැබිනට් ඇපොයින්ටඩ් නෙගොෂියේෂන් කමිටි එකට අපේ යොජනා සහ ඒ සාකච්ඡා කරන්න හෙට 10ට අපිට වෙලාව දිලා තියෙනවා. ඒ නිසා අද වරාය අධිකාරියේ වෘත්තිය සමිති 23 එකතුවෙලා සාකච්ඡා කළා. එතනදී හැමදෙනාගෙම එකමතික තීරණය වුණේ වෘත්තිය සමිති 23ට නෙමේ මේ ප්‍රශ්ණය අදාළ, මුළු රටටමයි අදාළ. ඒ නිසා නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාව තියේනවා. ඒ සභාව එක්ක අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා හෙට ගිහිල්ලා ඒ යෝජනා ටික කැබිනට් ඇපොයින්ටඩ් කමිටි එකට භාර දෙනවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More