ජාතික සංවිධාන එකමුතුවේ කොළඹ කලාපයේ නියෝජිත සමුළුව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර සූරින්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 21 වන දින සවස 03:30ට කොළඹ 07 තුම්මුල්ලේ පිහිටි සම්බුධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ.
ආචාර්ය ගුණදාස අමරසේකරයන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ සමුළුවේ තේමාව වන්නේ ” ඉස්ලාම් අන්තවාදයට යටත් නොවනු, වරාය ඇතුළු ජාතික සම්පත් අන්සතු නොකරණු” යන්න බවයි.
ජාතික සංවිධාන එකමුතුවේ කොළඹ කලාපයේ කැඳවුම්කරු විශේෂඥ වෛද්‍යය ඉන්ද්‍රජිත් කමලදාස මහතා ලංකා ලීඩ් වෙත ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 වෛරස වසංගත පාලනය සඳහා වූ නිරෝධායන නීති වලට අනුකූලව සමුළුව පැවැත්වීමට සියළු කටයුතු යොදා ඇති බවයි.
ඒ අනුව කොළඹ කලාපයේ කැඳවුම්කරු ලෙස විශේෂඥ වෛද්‍යය ඉන්ද්‍රජිත් කමලදාස මහතා , ජාතියේ ඉරණම තීරණය කරන කොළඹ කලාපයේ නියෝජිත සමුළුව සාර්ථක කරගැනීම පිණිස ,සියළු දේශ හිතෛෂී ජාතිමාමක ගිහි පැවිදි උතුමන්ලාගෙන් සමුළුවට සහභාගී වන ලෙස ගෞරව පූර්වකව ඉල්ලා සිටින බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...