හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආශු මාරසිංහ මහතා අවධාරණය කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තව නොබෝ දිනකින් භාර ගනු ඇති බවයි.
මැතිවරණයකදී පරාජිත වන්නන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබා නොදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වුවත් මේ අවස්ථාවේ පක්ෂයට හිමිව තිබෙන්නේ එක මන්ත්‍රීධූරයක් බැවින් එය සුවිශේෂී අවස්ථාවක් වන නිසා එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්විය යුතු සුදුස්සා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව පක්ෂයේ ජේෂ්ඨයින් ඒකමතිකව තීරණය කළ බව පෙන්වා දෙන මාරසිංහ මහතා පක්ෂ මතයට වික්‍රමසිංහ මහතා කන් දෙනු ඇති බවට විශ්වාසය පළ කරයි.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය භාර ගන්නා ලෙස මීට පෙරද වික්‍රමසිංහ මහතාගෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් කළ ඉල්ලීම් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇතිනිසා යම් හෙයින් වික්‍රමසිංහ මහතා පක්ෂයේ මතය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඊළඟට එම මන්ත්‍රී ධුරය භාර ගැනීමට සුදුස්සා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බව ද මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...