කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) දින නියෝග කළේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඊ.ටී.අයි.සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනා ඇප මත මුදා හරින ලෙසය.
ඇප පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල විසින් ඉදිරිපත්කරන කරුණු උපකල්පනයන් මත පදනම් වී තිබෙන බවත් ඒ අනුව සැකකරුවන් සිවුදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කරන බවත්ය.
ඒ අනුව, එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද සඳහන් කළ අතර ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවට සැකකරුවන් වෙත ඇප කොන්දේසියක් ද පනවනු ලැබීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...