දේශීය පුවත්

බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ බැංකුකරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන නතානියෙල් පිලිප් රෝත්ස්චයිලිඩ් මහතා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත හිටපු යුරෝපීයානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නිරන්ජන් දේවා ආදිත්‍ය සහ හිටපු ආයතනික අංශයේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ යන මහත්වරුන්ද සමඟ ඊයේ (14) දින කොළඹ ඉදිවෙන වරාය නගරයේ (Port City) සංචාරයකට එක්ව තිබුණි.

මෙහිදී රෝත්ස්චයිල්ඩ් මහතා ඇතුළු පිරිස කොළඹ වරාය නගරයේ දී ඉහළින් පිළිගෙන තිබූ අතර එම අවස්ථාව සඳහා කොළඹ වරාය නගරයේ ප්‍රධාන විධායක ව්‍යාපෘති නිලධාරී රාජා එදිරිසූරිය මහතාද, චීනයේ CHEC Port City ආයතනයේ සහකාර කලමණාකරණ අධ්‍යක්ෂකවරයා වන යූ යූකියැන්ග් යන මහත්වරුන්ද එක්ව සිටියේය.

මෙහිදී දෙපිරිස අතර කොළඹ වරාය නගරයේ සැලැසුම් මෙන්ම ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳවද සාකච්ඡා කර තිබූ බව සඳහන් වෙයි.

වර්ෂ 1760 දක්වා ඇදී යන ඉතිහාසයක් ඇති යුදෙව් ජාතික රෝත්ස්චයිල්ඩ් පවුල යනු ලෝකයේ මූල්‍ය ක්ෂේත්‍රය පාලනය කරන පවුල ලෙසත්, ලෝකයේ බලවත්ම පවුල් අතරින් එකක් ලෙසත් ලෝකය තුළ මතයක් පවතින අතර ඔවුන් බැංකු ක්ෂේත්‍රය තුළ වඩාත් ප්‍රසිද්ධියක් උසුලන බව ද සඳහන් වෙයි.

එමෙන්ම ලෝකයේ තුළ විවිධ ව්‍යාපාර අංශයන් රැසක්ද රෝත්ස්චයිල්ඩ් පවුල සතුව ඇති අතර ඒවා අතරට පතල්, බලශක්තිය, දේපළ වෙළඳාම් සහ වයින් නිෂ්පාදනය ද ඇතුළත් වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළද පුස්සැල්ලාව ප්‍රදේශයේ රෝත්ස්චයිල්ඩ් පවුලට අයත් සුප්‍රසිද්ධ තේ වතුයායක් ද තිබේ.

වසර 200 ක් පමණ කාලයක් පුරාවටම යුරෝපයේ ආර්ථික හා වක්‍රව දේශපාලන ඉතිහාසයට විශාල බලපෑමක් කළ යුරෝපීය බැංකු රාජවංශ අතරින් වඩාත් ප්‍රචලිත පවුල ලෙසද රොත්ස්චයිල්ඩ් නම් කළ හැකිය.

ශ්‍රී ලංකාවට පැමිණී නතානියෙල් පිලිප් රෝත්ස්චයිලිඩ් මහතාගේ ආදායම පවුම් බිලියන 40ක් බවටද මතයක් පවතින අතර බ්‍රිතාන්‍ය තුළ දැවැන්ත සමාගමක් වන වොලෙක්ස් සමූහ ව්‍යාපාරයේ (Volex Group) හිමිකරුවාද වන ඔහු ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයෝජකයෙකු ද වෙයි.

(Asian Mirror වාර්තාවක් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More