දේශීය පුවත්

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටින්නේ; වාහන ආනයණය නවතා ඇති මොහොතක ඊට කඩිනම් දේශීය විකල්පයක් කෙරෙහි අවධානය යොමු කරමින් තම අමාත්‍යාංශය මගින් සැකසූ “ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම” පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියට (Standard Operating Procedures) කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එය මෙරට “වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ” සුවිශාල පෙරළියකට මග පාදන්නක් වන බවත්ය.

වාහන ආනයණය නැවතීමෙන් පසු මෙරට වාහන ආනයණික සමාගම් තමන් සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් එහිදී ඔවුන්ගේ මව් සමාගම් මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඒ සඳහා “ශ්‍රී ලංකාවේ වාහන එකලස් කිරීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක” (SOP) අවශ්‍යතාව පෙන්වා දුන් බවත් කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්දියානු, ජපන්, කොරියන් වාහන නිෂ්පාදන සමාගම් ඒ අතර වන බවත් ඔවුන් මෙරට තුළ “වාහන එකලස් කිරීම” ඇරඹූ විට දේශීය අගය එකතු කිරීමට (Value Addition) සාපේක්ෂව බදු සහන ලැබෙන බවත් ඊට අදාළ “දේශීය අගය එකතු කිරීමේ සූත්‍රය හා න්‍යාසය” මෙම සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) තුළ අන්තර්ගතව ඇති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙවැනි රාජ්‍ය වාණිජ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම හරහා මෙතෙක් ආනයණය කරනු ලැබූ වාහන මෙරට තුළ එකලස් කර ආනයණික මිලට වඩා සාධාරණ මිලකට ලබා ගැනීමට මෙරට ජනතාවට ඉඩකඩ ලැබෙන බවත් එමගින් මෝටර් රථ කර්මාන්තය සංවර්ධනය කිරීමේ ඉහළ විභවතාවක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව ආනයනික මෝටර් රථ පමණක් නොව මෝටර් බයිසිකල්, විදුලි ත්‍රීවිල් රථ වැනි වාහන මෙරට තුළ එකලස් වනු ඇති බවත් එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරීම් ලක්ෂ්‍යයක් බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More