දේශීය පුවත්

සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි මහතා පවසා සිටින්නේ කෝප් කමිටුවේ හා එහි සභාපති ඇතුළු සාමාජිකයන්ගේ වගකීම රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන ආයතනවල සිදුවන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම මිස නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රශ්නවලින් පැනයාම නොවන බවත් රජයට සම්බන්ධ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ගෙන්වා ප්‍රශ්න කිරීමට කෝප් කමිටුවට බළයක් නොමැති නම් වහාම ඉල්ලා අස් වී ගෙදර යන ලෙස කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටින බවත්ය.

මාළබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට කැඳවා තිබිණි. කෙසේ නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබෙන්නේ SLIIT ආයතනය තවදුරටත් රජයට සම්බන්ධ නොමැති පෞද්ගලික ආයතනයක් බවයි. එබැවින් තම ආයතනය කෝප් කමිටුවේ විෂයපථයට අදාල නොවන බවද අධ්‍යක්ෂ මණ්ඩලය දන්වා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෝප් සභාපති චරිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය යහපාලන රජය සමයේදී කැබිනට් පත්‍රිකාවක් හරහා SLIIT ආයතනය එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතම පවරා ඇති බවයි. කෝප් කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන්නේ මෙම කරුණ මත පදනම්ව බැවින්, කෝප් කමිටුවට ඊට එරෙහිව කටයුතු කිරීමට කිසිදු බළයක් නොමැති බවද සභාපතිවරයා පවසනවා.

කෙසේ නමුත් රසික ජයකොඩි මහතා පවසන්නේ SLIIT ආයතනය වෙනත් පුද්ගලයන් පිරිසකට පවරා ඇති බවට සිදු කරන ප්‍රකාශය පදනම් විරහිත බවයි. චරිත හේරත් මහතා ඇඟ බේරා ගැනීම සඳහා එවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදු කරන බවද ඔහු පවසනවා.

රසික ජයකොඩි මහතාට ප්‍රතිචාර දක්වමින් චරිත හේරත් මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ ප්‍රශ්නවලින් පැනයාම තමාගේ ප්‍රතිපත්තිය නොවන බවයි. SLIIT ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පිළිබඳව පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, රසික ජයකොඩි මහතා මතු කරන සියලු ගැටලුවලට එම වාර්තාව හරහා පිළිතුරු ලබාදෙන බවද මන්ත්‍රීවරයා පවසනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More