ලාංකික ආයෝජකයන්ට ඩොලර් මිලියන 750 කජ්ජක්දැයි සිතෙන්නේ යෝජනා කැඳවීමකින් තොරවම කොළඹ පෝට් සිටියට එල්ඕඑල්සී සමාගම වෙනුවෙන් එහි ආයෝජන සමාගම වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ඩොලර් බිලියනයක ආයෝජනයක් කිරීම තුළින්ය. එම ඓතිහාසික අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ සහභාගිවීමෙන් පෙන්නුම් කළේ රෝහිත අබේගුණවර්ධන නොදන්නවාට ශ්‍රී ලංකා ආයෝජකයන්ගේ හැකියාව ගැන ළඟින් ඇසුරු කිරීම තුළින් අගමැතිවරයා දන්නා බවය.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට ඩොලර් මිලියන 750ක මුදලක් වැය නොවන බවත්, එය සංවර්ධනය කිරීමට ගතවන අවුරුදු 7ක කාලයේදී සම්පූර්ණයෙන් වැයවන්නේ ඩොලර් මිලියන 556ක මුදලක් බවට වූ වාර්තාවක් එම පර්යන්තය රැකගැනීම සඳහා ඒකාබද්ධ වූ එහි වෘත්තීය සමිති පෙරමුණ දෙසැම්බර් 22 වැනිදා පැවති සාකච්ඡාවකදී රෝහිත අබේගුණවර්ධනට බාර දී ඇත. (මෙම වාර්තාව සකස් කර ඇත්තේ එම පෙරමුණ තුළ කටයුතු කරන වරාය ඉංජිනේරු සංගමයයි),
එම මුදලින් ඩොලර් මිලියන 65ක මුදලක් මේ වනවිටත් වරාය අධිකාරිය එම කටයුතු සඳහා වෙන්කර ඇති බවත්, තවත් ඩොලර් මිලියන 5ක් වරාය අධිකාරිය ඒ සඳහා වෙන් කළ යුතු බවත් එහි සඳහන්ය. ඉතිරි ඩොලර් මිලියන 486ක මුදල පර්යන්තයේ කටයුතු ආරම්භ කර ලැබෙන ආදායමින් සිදුකළ හැකි බව එම වාර්තාවේ විස්තර කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...