දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) දින පස්වරුවේ විවෘත කෙරිණ. මෙම අවස්ථාවට කර්මාන්ත පිළිබඳ කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා විශේෂ ආරාධිතයකු ලෙස එක්ව සිටියේය.
හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කෙරේ.
SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ. නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ. සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිතය.
මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ අතර වෙයි.
නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරෑ කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද විශේෂත්වයකි.
උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිස ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබීය.
සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා මැති ඇමතිවරුන් සමග ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කළේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු වන රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරු වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...