සංචාරකයන්ට ශ්‍රි ලංකාව තුළදී කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ලිහිල් කොන්දේසි අනුගමනය කිරීම ඇතුළු රට තුළ කොවිඩ් වෛරසය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවියට දැක්වූ අදහස් මෙසේයි.
කොවිඩ් පාලන රාජ්‍යය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා කොවිඩ් දෙවෙනි රැල්ල රට තුළ ව්‍යාප්ත වූයේ යුක්‍රේනයෙන් පැමිණි පිරිසක් නිසා බවට. මෙවැනි තත්වයක් තිබියදී රටතුලට සංචාරකයන් රැගෙන ඒමේදී ලිහිල් සෞඛ්‍යය ප්‍රතිපත්ති අනුගමනය කිරීම එතරම්ම සුදුසු නැහැ යන්න අපගේ හැඟීමයි. සංචාරක ව්‍යාපාරය තුළින් සෘජු හා වක්‍රව යැපෙන පුද්ගලයන් ලක්ෂ තිහක් පමණ සිටින බව පැවසෙනවා. මේ අයගේ රැකියා නැවත ආරම්භ කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතුයි යන්න වාදයක් නැහැ. නමුත් එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව,යුක්‍රේනය වැනි රටවල කොරෝනා නව ප්‍රභේද හට ගෙන ඇතැයි පැවසෙන මොහොතක ලිහිල් සෞඛ්‍යය ආරක්ෂණ මාර්ගෝපදේශ සංචාරකයන් සඳහා අනුගමනය කිරීම සුදුසුයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. සිනමා ශාලා නැවැත ආරම්භ කිරීමට මාර්ගෝපදේශ සකස් කළා.
අද වාර්තා වුනා සිනමා ශාලා දෙකක් “හවුස් ෆුල්” තත්වයෙන් ක්‍රියාත්මක කර තිබෙන බවට. ඒ අනුව පැහැදිලියි එක් එක් ක්ෂේත්‍ර සඳහා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කළ හොත් මහජනයා කොවිඩ් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දක්වන සහයෝගය සහ උනන්දුව අත හරිනු ලබන බව . සංචාරකයන්ට රටට ඇතුළු වූ වහාම පීසීආර් පරීක්ෂණ කිරීම අපහසුනම් ඔවුන් සංචාරය සඳහා යාමට පෙර ඔවුන් ලැගුම් ගන්නා හෝටලය තුලදී පීසීආර් පරීක්ෂණ කළ යුතුයි.
එසේ අප කළ නිසා තමයි එංගලන්තයෙන් පැමිණි නව වෛරසය හඳුනා ගැනීමට හැකි වුනේ. මෙතෙක් පැමිණි යුක්‍රේන සංචාරකයන් රට තුළට ඇතුළු වූ මොහොතේ සිට සංචාරකයන් සහ ඔවුන්ගේ ශ්‍රී ලාංකික ආශ්‍රිතයන් හැසිරුණු ආකාරය රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ලැබුණු දායකත්වය පිළිබඳව අපට සෑහීමකට පත් වන්නට බැහැ.
මෙම තත්වයත් ලිහිල් කිරීම තුළ රට තුළ ඇතිවන තත්වය සම්බන්ධයෙන් වගකීම බලධාරින් ගත යුතු වෙනවා. දැන් දැන් සෞඛ්‍යය අංශවල සේවය කරන අයටත් වෛරසය ආසාදනය වන තත්වයක් උද්ගතව ඇති නිසා මෙතැනින් එහාට තත්වය වර්ධනය වුවහොත් අපේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට එය දරාගත නොහැකි තත්වයක් උදා වෙනවා.
මහජන පරීක්ෂකවරුන් යනු කොවිඩ් පාලනය සම්බන්ධව බිම් මට්ටමේ කටයුතු කරන රාජ්‍යය නිළධාරින්. අපි සෑහෙන කාලයක සිට ඉල්ලීමක් කර තිබෙනවා අඩුම තරමේ අප සංගමයේ එක් නිළධාරියෙකුටවත් යුද හමුදාපතිවරයාගේ නායකත්වයෙන් යුතු කොවිඩ් පාලන ජාතික කමිටුවට නියෝජනයක් දෙන ලෙස. නමුත් මේ දක්වා අපට ඉඩක් ලබා දී නැහැ.අපට සිදුවී තිබෙන්නේ එම කමිටුවට සහභාගි වන සෞඛ්‍යය අමාත්‍යාංශයේ ඉහළ නිළධාරින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණයි. එබැවින් අපට හැකියාව තිබෙන්නේ ඔබ වැනි මාධ්‍යය මගින් රටේ ජනතාවට කරුණු පැහැදිලි කිරීම පමණයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...