දේශීය පුවත්

බුදුගල ජිනවංශ හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පෙන්වා දි ඇත්තේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් දැනට යෝජනා කර ඇති ආකාරයට දෙමළ භාෂාව කතාකරණ පාඨය පෙරදැරිකොට මුස්ලිම් ජාතික නීතිඥයන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයන් ලෙස බඳවා ගැනීම අනාගතයේදී භයානක අන්ත්වාදී ප්‍රවනතාවයන්ට පහසසුකම් සැලසීමට හේතුවන ක්‍රියාවක් වීමේ සම්භාවිතාවක් තිබෙන බවයි. උන් වහන්සේ ඒ අනුව අමාත්‍යය අලිසබ්‍රි මහතාගේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට ඉඩ නොතබන ලෙස  ලිපිය මගින් ජනාධිපති තුමාගෙන් ඉල්ල සිටී. සම්පූර්ණ ලිපිය පහතින්…

—————————————————————————————————————————————–

ගරු ජනාධිපතිතුමා 2021.01.14
ජනාධිපති කාර්යාලය
කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

                                                   නීතිඥයන් පොලිස් පරික්ෂකවරුන් ලෙස බදවා ගැනීම

වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල සදහන් වෙයි. එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව කියවේ. මෙම නිළධාරින් බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීමෙන් පසුව පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කීරිම ගැටළු සහගතයි. ජාතිය,ආගම සහ භාෂාව මත විශේෂතාවයක් දක්වා රජයේ නිළධාරින් බදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.
ගරු ජනාධිපතිතුමනි, මේ රට පාලනය කිරිමට ඔබතුමාට වසර 5 කට බාරකර ඇත. ලෝකයේ බහුතර සිංහල ජනතාවක් ජීවත් වන රටක් වන්නේ අප රට පමණි. ලෝකයේ බලවත් ජාතින් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව නැති කිරිමේ උපක්‍රම භවිතා කරන බව ඔබ තුමා නොදන්න කරුණක් නොවේ. මේ ආකාරයට පොලිස් පරික්ෂකවරුන් ලෙස බඳවා ගැනීමේ දි අති බහුතරයක් දෙමළ හා මුස්ලිම් තරුණ නීතිඥයන්ට මෙම අවස්ථාව ලැබෙයි. එක යුගයක මෙවැනි උපක්‍රමයකින් නීති විද්‍යාලයට බහුතර නීති ශිෂ්‍යන් බඳවා ගත් ආකාරයටම මුස්ලිම් නීතිඥයක් පත්වීමත්, වසර 10ක් 15ක් යන විට සියලුම පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ පොලිස් නිළධාරින් වන්නේ ඔහුන්ය . අප රට දෙවිදියටක ත්‍රස්වාදයට මුහුණ දුන් රටකි. කොටි ත්‍රස්වාදයට උදව් කල ඉහළ පොලිස් නිළධාරි සිටි ඇත. අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මෙම නිළාධාරින් එවැනි සිදු විමකට සම්බන්ධ වන බවට. එහෙත් අප රට තුළ ඉදිරියේ ත්‍රස්වාදයක් ඇති විමට කිසිම ඉඩක් තබා ඔබතුමාගේ පාලනය අවසන් කළ යුතු නැත. ඔබතුමා මහා ත්‍රස්වාදයක් රට තුළින් අවසන් කිරිමට උරදුන් නායකයෙකි. එබැවින් මෙවැනි ජාතිවාදි අදහසකින් රාජ්‍ය නිළධාරින් බඳවා ගැනීම කිසිසේත්ම සුදුසු නැත.
දැනටමත් නීතිවේදය හැදැරූ උපාධිධාරීන් සංවර්ධන නිළධාරින් ලෙස බඳවා ගෙන ඇත. නීතිඥයන් හො සිවිල් නිළධාරින් ලෙස පොලිස් ස්ථානවලට බදවා ගැනි ඉතාම සුදුසුය. එයට හේතුව මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ කරුවන් අල්ලාගෙන අව්දින් සාමන්‍ය පෙල දක්වා උගත් පොලිස් නිළධාරින් විසින් අපරාධකරුවන්ගේ තොරතුරු හා අපරාධය සිදු කළ ආකාරය ලියනු ලබයි. ඉන්පසුව එම ලියවිල්ල අපරාධයේ ප්‍රධාන සාක්ෂියකි. එම ලියවිල්ල හරියට නොලියන අවස්ථාවල දි අපරාධකරුවන් නීතිය හමුවේ නිවැරදිකරුවන් බවට පත්වෙයි.
එම නිසා පොලිස් පරික්ෂකවරුන් ලෙස නොව සිවිල් නිළධාරින් ලෙස බඳවා ගෙන මෙම සිදු කරන මත්ද්‍රව්‍ය, ඇතුළු සියලු අපරාධ කරුවන් නීතියේ රැහැනට හසු කරගැනිමට කටයුතු කිරිම ද එයට එක් භාෂාවක ප්‍රමුඛස්ථානය ලබා නොදි සමස්ත රටේම ජනතාව විභාග දෙපාර්මේන්තුවේ විභාග පටිපාටියට අනුව සිදු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි

බුදුගල ජිනවංස හිමි
සභාපති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More