කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග ඊයේ (13) දිනයේ ජනාධිපතිවරයා විසින් කරන ලද සාකච්ඡාව කරුණු දෙකක් අනුව වැදගත් බව අද (14) බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණිම ඇමතිවරයාගේ හිතුවක්කාරී තීරණයක් නොවන බවත් පවසන ලාල් කාන්ත මහතා දේශප්‍රේමිත්වය ගැන කියමින් බලයට පැමිණි ජනාධිපතිවරයාගේම සහ සමස්ත ආණ්ඩුවේම තීරණයක් බවත් හම්බන්තොට වරාය චීනයට ලබාදුන් නිසා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බවත් අවධාරණය කර සිටියේය. මෙය පාවාදීමේ මාවතේම ඉදිරියට යෑමට ආණ්ඩුව ගත් පියවරක් බව ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේය.
එහිදී ලාල් කාන්ත මහතා, “ඇතැම් කණ්ඩායම් වරාය විකිණීම ඇමතිවරයාගේ තීරණයක්, පී.බී වැනි නිලධාරීන්ගේ වැඩක්,බැසිල්ගේ වැඩක් , ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නිසා , ආදී වශයෙන් විවිධ කරුණු ඉදිරිපත්කරමින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ ආරක්ෂා කිරීමට පසුගිය කාලයේ උත්සාහ කළා. නමුත් ඊයේ පැවති සාකච්ඡාවේදී මේ සියලු දෙනා එකපෙළට සිටිමින් නැගනෙහිර ජැටියේ 100%ක අයිතිය අහිමි කිරීම වෙනුවෙන් පෙනී සිටීම මගින් ඒ සියලු මිත්‍යා මත හෙළිදරව් වී තිබෙනවා” යැයි පවසා සිටියේය.
මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේ,
“වරාය දකුණු ජැටිය චීන කොලනියක් වෙලා. දැන් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යනවා. විකුණන්නේ නැහැ කිව්වට ඒක ආයෝජනයක් කියලා කිව්වට ඇත්තටම වෙන්නේ නැගෙනහිර ජැටියේ වරායේ අධිකාරියට තිබුණු 100% අයිතිය අහිමිවීමක්. පාවිච්චිකරන වචනය වැඩක් නැහැ. බදු දුන්නද කියන එක නිකන් දුන්නද පරිත්‍යාග කළාද කියලා වැඩක් නැහැ.දැන් ජනාධිපතිවරයා කියන්නේ හම්බන්තොට චීනයට දීපු නිසා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න වෙලා තියෙනවා කියලා. මේක කරගෙන යන්න අපිට සල්ලි නැහැ තාක්ෂණය නැහැ කියන්නේ නැහැ. කියන්නේ දෙන්න වෙලා තියෙනවා කියලා. හැබැයි ජනාධිපතිවරයා බලයට ආවේ විකුණපුවත් ආපහු ගන්නවා කියලා. හැබැයි දැන් කියන්නේ ලෝක බලවතුන්ට ඕනෑ නිසා දෙන්න සිද්ධවෙලා තියෙනවා කියලා. ගොඨාබයට චරිත දෙකයි නෙවෙයි දිව දෙකයි කියන්නේ මේ නිසා.” ලෙසය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...