දේශීය පුවත්

දෙරණ රූපවාහිනි මාධ්‍යය ජාලය විසින් ඊයේ (13 ) විකාශනය කළ “අළුත් පාර්ලිමේන්තුව” වැඩ සටහනට සහභාගි වෙමින් වරාය අධිකාරියේ සාමාන්‍යය අධිකාරී එච් ඩී ඒ එස් ප්‍රේමචන්ද්‍ර මහතා “ගල් පැලෙන” බොරුවක් පවසමින් දූෂණ වංචා චෝදනා වලින් ගැලවීමට අසරණ උත්සාහයක් ගත් බව වරාය වෘත්තීය සංගම් නියෝජිතයෝ චෝදනා කරති.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා ඇනවුම් කළ ෂැන්ටි දොඹකර පද්ධතිය ආනයනය කිරීම අත්හිටුවීම නිසා රටට බරපතල අලාභයක් සිදුවූ බවට සහ එසේ එම ඇණවුම් අවලංගු කිරීම වර්තමාන සාමාන්‍යය අධිකාරිවරයා විසින් සිදුකළ බවට එම සාකච්ඡාවේදී චෝදනා එල්ල විය. එම චෝදනා වලට පිළිතුරු දෙමින් වරාය අධිකාරියේ සාමාන්‍යය අධිකාරී එච් ඩී ඒ එස් ප්‍රේමචන්ද්‍ර මහතා පවසන්නේ එය තමාට පෙර සිටි නිළධාරියා විසින් සිදු කළ බවය.

නමුත් වරාය සේවකයන්ට අනුව ඔහු විදේශගතව සිට පැමිණ සේවයට වාර්තා කරන්නේ 2015 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බවත් ෂැන්ටි දොඹකර ඇනවුම අවලංගු කරන්නේ 2016 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ බවත්ය.

එච් ඩී ඒ එස් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් හිතාමතාම ප්‍රසිද්ධියේ පවසන ලද මෙම බරපතල මුසාව සම්බන්ධයෙන්
කිර්තිමත් නීතිවේදියෙකුගෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් එතුමා , ” අප රටේ අල්ල්ලස් හා දූෂණ නීතිය අනුව ශ්‍රී ලංකා රජයට මෙවැනි බරපතළ පාඩු කිරීම මගින් වෙනත් පාර්ශවයන්ට( ඉන්දියාවේ අදානි සමාගමට ) වාසි සැලසීම දූෂණය නැමැති වරදට යටත් වනවා. එම චෝදනාවට එච් ඩී ඒ එස් ප්‍රේමචන්ද්‍ර මහතා වරදකරුවෙකු වුවහොත් ඔහු වසර හතරහමාරක සිර දඬුවමකට යටත් වනවා” යනුවෙන් පැහදිළි කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More