ශ්රී ලංකාවාසී සහ ලෝකවාසී හින්දු බැතිමතුන් සමරන තෛපොංගල් උත්සවය අදට (14දාට) යෙදී ඇත. ගොවිතැනට ගරු කිරීමේ අරමුණින් සහ ”දුරුතු මාසයේ උදාව සියලූ පැතුම් ඉටුවේ” යන විශ්වාසයෙන් යුතුව හින්දු බැතිමත්හු මෙම උත්සවය සමරති.
තෛපොංගල් උත්සවය ස්වභාව ධර්මයට කෘතගුණ සලකනු වස් සමරනු ලබන උත්සවයක් වන අතර මානව සංවර්ධනය ආරම්භයේ සිට ස්වභාව ධර්මය හා බැඳුණු මිනිසා, ස්වභාව සෞන්දර්ය ප‍්‍රතාපවත් කරන හිරු දෙවියන් වන්දනා කිරීම කෙරෙහි තබා ඇති අපරිමිත විශ්වාසය හෙළි කරන, විශිෂ්ට මෙන්ම විශේෂ උත්සවයකි.
ස්වභාව ධර්මය හා මිනිසා අතර ඇති හැඟුම්බර බැඳීම්වලට කෘතගුණ සැලකීමේ මහඟු අවස්ථාවක් වන මෙම උත්සවය එම ජනතාවගේ ආධ්‍යාත්මික ජීවන රටාවට යහපත් සිතුවිලි එක් කරන උත්සවය ලෙස ද හඳුන්වනු ලබයි. ලංකා ලීඩ් වෙබ් අඩවිය ශ්‍රී ලංකා වාසි සහ ලෝක වාසි හින්දු බැතිමතුන් හට සුභ තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමු.
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...